වඳ වී යන ඖෂධ පැල 108ක් එකම ස්ථානයක රෝපණය කරයි

මේ වන විට වඳවීමට ලක්ව ඇති ඉතා වටිනා ඖෂධ පැළ 108ක් එකම ස්ථානයක රෝපණය කිරීමේ වැඩසටහනක් පසුගියදා පානදුර මිරියවත්ත ප්‍රදේශයේදී සිදුවුණා.

මෙහිදී මිරියවත්ත ප්‍රදේශයේ සහ අවට ප්‍රදේශවල විවිධ ස්ථානවල හටගෙන ඇති මෙම වටිනා ඖෂධ පැළ එම ස්ථාන වලින් ගලවා ගිම්පත සිරි සද්ධර්මාරාම විහාරස්ථානයේ එකම ස්ථානයක රෝපණය කිරීමටයි කටයුතු කෙරුණේ.

මිරියවත්ත ග්‍රාම නිලධාරී කාර්යාලයේ සිට මෙම ඖෂධ පැළ පැළ 108 ප්‍රදේශවාසීන් විසින් ශබ්ද පූජා පවත්වමින් මුතු කුඩ යටින් පෙරහරකින් වඩමවා ප්‍රදේශයේ සියලු ජනතාවගේ ආශිර්වාදය මැද විහාරස්ථ භූමියේ රෝපණය කරනු ලැබුවා.

එම වැඩසටහන පානදුර උතුර ප්‍රජා පොලිස් ඒකකය,R 2 සමාජ සේවා පදනම , ප්‍රදේශයේ සියලුම ජනතාවගේ සහයෝගය මැද සිදුකළා.

මෙම ඖෂධ පැළ හදිසි දේශීය වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලබා ගැනීමට හැකිවන පරිදියි මෙලෙස රෝපණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හැමදාම අපි හිටියේ නිවැරදි තැන - ශිරානි අගවිනිසුරුතුමිය ගෙදර යවන්න යද්දි අපි විරුද්ධ වුණා
01:08
Video thumbnail
159ය හිතන්න පුළුවන් පාර්ලිමේන්තුවේ දිනන්න පුළුවන් කියලා - ජන බලයෙන් මේ පාලනය අපි ගෙදර යවනවා
00:55
Video thumbnail
රටට තියෙන එකම විකල්පය සජබය - කල හැකි හැමදේම අදත් කරනවා හෙටත් කරනවා
01:47
Video thumbnail
සිපිරිගෙයට ගිය නාමල් ගැන ඇමති නලින්ද කට අරියි - අපරාධය කරපු අය තමයි දන්නේ සම්බන්ධය
01:59
Video thumbnail
එයාර් බස් ගනුදෙනුවට සම්බන්ධ යැයි කියන නාමල්ගේ නඩු විභාගය සිදුවුණු හැටි - මුදල් දුන් බවට සාක්ෂි නැ
05:17
Video thumbnail
2029 ජනපති නාමල් රාජපක්ෂ..ඒක හදවතින් කියන්නේ - "හිරේ දාලා පොඩි චූන් එකක් ගනිල්ලා"
00:34
Video thumbnail
නාමල් වෙනුවෙන් පෙරට ආ මිනිස්සු - "අපේ සිංහ පැටියා ඇතුළට දැම්මේ - එසේ මෙසේ පුතෙක් නෙවෙයි"
01:56
Video thumbnail
"අපේ සිංහ පැටියා තමයි නාමල් රාජපක්ෂ.. එඩිතර සිංහ පැටියව බය කරන්න බෑ"
00:20
Video thumbnail
"මමනම් හිතන්නේ අනුර, නාමල්ට බය වුණා"
00:20
Video thumbnail
විලංගු වැටුණු නාමල් රාජපක්ෂ වැලිකඩට පැමිණි අයුරු - මෙන්න එම දර්ශන
00:51