වනවාසල දුම්රිය අනතුරින් තුවාල ලැබූවන්ට වන්දි මුදල්

වනවාසල දුම්රිය ස්ථානය අසළ දුම්රියක් පීලි පැන පෙරලී යාමෙන් ඊයේ (16) සිදුවූ අනතුරින් තුවාල ලබා රෝහල් ගතකළ පුද්ගලයින් හයදෙනාගෙන් තිදෙනෙක් තවමත් රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දුම්රිය ගමනාගමන අධිකාරී අසංක සමරසිංහ පවසනවා.

කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස රෝහල් ගතව ප්‍රතිකාර ලබන බවයි දුම්රිය ගමනාගමන අධිකාරීවරයා අද (17) පැවති මාධ්‍ය හමුවක දී සඳහන් කළේ.

මෙම දුම්රිය අනතුරෙන් තුවාල ලැබූ පුද්ගලයන්ට ඉදිරියේ දී වන්දි පිරිනැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් කටයුතු කරන බව ඔහු මෙහිදී පැවසුවා.

මේ අතර දුම්රිය අනතුර හේතුවෙන් හානියට ලක්වූ දුම්රිය මාර්ගය අද (18) පස්වරුව වනවිට සකස්කර අවසන් කර හෙට දිනයේ සිට දුම්රිය ධාවනයට එක්කරන බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.

“දුම්රිය දෙපාර්තමේන්තුවට මෙවැනි අවස්ථාවක මගීන් වෙනුවෙන් වන්දි ගෙවීමේ ක්‍රමවේදයක් තියෙනවා. අපි ගාව තියෙනවා කැබිනට් මණ්ඩලය අනුමත කරපු වන්දි ක්‍රමවේදයක්. පෙර තිබුණ ක්‍රමය අනුව මියයාමේ දී හෝ සදාකාලික අකර්මණ්‍යවීමකදී ලක්ෂ එක හමාරක් තමයි ගෙවන්න තිබ්බේ. ඒක දැන් ලක්ෂ 10ක් දක්වා වැඩිවෙලා තියෙනවා. ඒ වගේම රෝහල්ගත වෙලා ඉන්න දවසකට සතියක් යනකම් රුපියල් 2,000 බැගින් සහ එතැනින් එහාට රුපියල් 50,000ක වගේ ගෙවීමක් කරන්න අපි ක්‍රමවේදයක් තියෙනවා. මේ දෙක අතර වන්දි ගෙවීමේ ක්‍රමයක් තියෙනවා. අපි මේ වෙද්දී රෝහල් ගත වුණ අය නිවාසවලට ගියාම එයාලාගේ Diagnostic කාඩ් (රෝග විනිශ්ච කාඩ්පත්) බලලා වන්දි ගෙවන්න කටයුතු කරනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00