spot_img
AFC Banner
Empty Ad
Empty Ad

වට්ස්ඇප් භාවිතා කරන අයට හදිසි දැනුම්දීමක්

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ ගබඩා කිරීම වැඩිදියුණු කිරීමක් ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙනවා.මේ අනුව වට්ස්ඇප් පණිවුඩ සේවාව හරහා සිදු කෙරෙන සියලු පණිවිඩ ගූගල් ඩ්‍රයිව් හෝ ඇපල් දුරකථන සඳහාම විශේෂයෙන් වෙන් කර ඇති අයික්ලවුඩ් icloud වෙත ගබඩා කිරීමේදී ඒ සඳහා විශේෂ මුරපදයක් යොදා ආරක්ෂා කිරීමේ පහසුකම මේ අනුව වට්ස්ඇප් භාවිතා කරන්නන්ට හිමිවනු ඇති.

මෙතෙක් කලක් වට්ස්ඇප් හරහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා අන්ත දෙකේ ආරක්ෂාව ඉතා ඉහලින් සකසා තිබූ අතර එම පණිවිඩ අයික්ලවුඩ් හෝ ගූගල් ඩ්‍රයිව් වෙත ගබඩා කිරීමේදී එම පහසුකම සලසා තිබුනේ නෑ.

එම කාලය තුළ දී අදාළ ආරක්ෂිත අගුළු යෙදවීම් වට්ස්ඇප් සමාගම හරහා ම සිදු කෙරුණු පෙරනිමි සංකේත ගත කිරීමක් හරහා සිදුක කෙරුණු අතර අද සිට ඔබගේ වට්ස්ඇප් සංවාද ගූගල් ඩ්‍රයිව් හෝ අයික්ලවුඩ් වෙත ගබඩා කිරීමට තෝරන්නේ නම් එම පහසුකම පෙරනිමියෙන් ක්‍රියාත්මක නොවනු ඇත.

නමුත් ඔබට එය සැකසීම්> චැට්ස්> චැට් බැකප්> වෙත ගොස් එය සක්‍රිය කිරීම තෝරා ගැනීමට සිදු වන අතර එහිදී ඔබ කැමති මුරපදයක්, හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64 ක සංකේතාංකන යතුරක් භාවිතා කළ හැකියි.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ මුරපදය නොමැතිව වට්ස්ඇප් සමාගමට, ගූගල් සමාගමට හෝ ඇපල් සමාගමට ඔබේ තොරතුරු වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අහිමිව යනවා.මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පෙන්වා දෙන්නේ එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන ලොව එකම ගෝලීය පණිවිඩ සේවාව වට්ස්ඇප් WhatsApp බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
74
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?