වට්ස්ඇප් භාවිතා කරන අයට හදිසි දැනුම්දීමක්

ඇන්ඩ්‍රොයිඩ් සහ ඇපල් ජංගම දුරකතන ඔස්සේ වට්ස්ඇප් පණිවිඩ හුවමාරු සේවාව භාවිත කරන සැමගේ පණිවිඩ ගබඩා කිරීම වැඩිදියුණු කිරීමක් ෆේස්බුක් සමාගම විසින් සිදුකර තිබෙනවා.මේ අනුව වට්ස්ඇප් පණිවුඩ සේවාව හරහා සිදු කෙරෙන සියලු පණිවිඩ ගූගල් ඩ්‍රයිව් හෝ ඇපල් දුරකථන සඳහාම විශේෂයෙන් වෙන් කර ඇති අයික්ලවුඩ් icloud වෙත ගබඩා කිරීමේදී ඒ සඳහා විශේෂ මුරපදයක් යොදා ආරක්ෂා කිරීමේ පහසුකම මේ අනුව වට්ස්ඇප් භාවිතා කරන්නන්ට හිමිවනු ඇති.

මෙතෙක් කලක් වට්ස්ඇප් හරහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරු සඳහා අන්ත දෙකේ ආරක්ෂාව ඉතා ඉහලින් සකසා තිබූ අතර එම පණිවිඩ අයික්ලවුඩ් හෝ ගූගල් ඩ්‍රයිව් වෙත ගබඩා කිරීමේදී එම පහසුකම සලසා තිබුනේ නෑ.

එම කාලය තුළ දී අදාළ ආරක්ෂිත අගුළු යෙදවීම් වට්ස්ඇප් සමාගම හරහා ම සිදු කෙරුණු පෙරනිමි සංකේත ගත කිරීමක් හරහා සිදුක කෙරුණු අතර අද සිට ඔබගේ වට්ස්ඇප් සංවාද ගූගල් ඩ්‍රයිව් හෝ අයික්ලවුඩ් වෙත ගබඩා කිරීමට තෝරන්නේ නම් එම පහසුකම පෙරනිමියෙන් ක්‍රියාත්මක නොවනු ඇත.

නමුත් ඔබට එය සැකසීම්> චැට්ස්> චැට් බැකප්> වෙත ගොස් එය සක්‍රිය කිරීම තෝරා ගැනීමට සිදු වන අතර එහිදී ඔබ කැමති මුරපදයක්, හෝ ඔබ පමණක් දන්නා ඉලක්කම් 64 ක සංකේතාංකන යතුරක් භාවිතා කළ හැකියි.

ඔබ ඒ සියල්ල සැකසූ පසු, ඔබේ මුරපදය නොමැතිව වට්ස්ඇප් සමාගමට, ගූගල් සමාගමට හෝ ඇපල් සමාගමට ඔබේ තොරතුරු වෙත ප්‍රවිශ්ඨ වීමේ හැකියාව අහිමිව යනවා.මෙම නව හඳුන්වාදීම සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම පෙන්වා දෙන්නේ එවැනි පරිමාණයකින් මෙතරම් ආරක්‍ෂාවක් ලබා දෙන ලොව එකම ගෝලීය පණිවිඩ සේවාව වට්ස්ඇප් WhatsApp බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.01
01:13:01
Video thumbnail
පොහොට්ටුවේ මහ රැළියට සූදානම් වන අයුරු
00:43
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා
01:40
Video thumbnail
කෝටි ගණනක මුදල් වංචා කල මාලිමා මන්ත්‍රී කෙනෙක් රිමාන්ඩ් කරයි ?
00:22
Video thumbnail
ජපන් විශ්ව විද්‍යාලයක සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි
01:33
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ
00:54
Video thumbnail
අසරණ ජනතාවට නොමිලේ ජල බෝතල් බෙදා දුන්න උතුම් මිනිස්සු - "මේ රජය ඇත්තටම වැඩක් නෑ - මොකුත් දුන්නේ නෑ"
04:59
Video thumbnail
ජපන් සිසුන් ඇවිත් ලංකාවේ අමුණක් හදන හැටි - බලන්නකෝ හරි අපූරුවට සිංහලෙන් කතා කරපු හැටි
06:00
Video thumbnail
මෙන්න මූ තමයි බිබී ඩ්‍රයිව් කරන්නේ - ඉස්සරහා පොලිසිය නෑනේද බන්
00:58
Video thumbnail
වෛද්‍ය නොසැලකිල්ලලෙන් දරුවා මව්කුස තුළම අහිමිවෙලා - "මගේ දරුවා ගත්තනම්..මළ කඳ බලන්න වෙන්නේ නෑනේ"
07:55