වගා හානි සඳහා වන්දි ලබාදීම කඩිනමින් අවසන් කරන්න – ජනපති

වැසි සහ ආපදා හේතුවෙන් පසුගිය කාලසීමාවේ සිදු වූ වගා හානි සඳහා වන්දි ලබා දීමේ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ ඊයේ (06) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීයි.

2025 අයවැය යෝජනා මගින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයට වෙන් කළ ප්‍රතිපාදන සහ එම ප්‍රතිපාදන අදාළ ව්‍යාපෘති වෙනුවෙන් නිසි අයුරින් යෙදවීම පිළිබඳ සොයා බැලීමට මෙම සාකච්ඡාව කැඳවා තිබුණා.

කෘෂි දත්තවල පවතින අසම්පූර්ණ බව හේතුවෙන්, තීරණ ගැනීමේදී සිදු වන දෝෂ පිළිබඳ ව මෙහිදී ජනාධිපතිවරයා නිලධාරින්ගේ අවධානය යොමු කළා.

කෘෂි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළ තුළ සාධාරණ මිලක් ලබාදෙමින් ගොවියා ආරක්ෂා කිරීම මෙන්ම පාරිභෝගිකයාට ද සාධාරණයක් සිදු වන පරිදි මිල ගණන් තීරණය කිරීමේ අවශ්‍යතාව පිළිබඳ මෙහිදී සාකච්ඡා වුණා.

පශු සම්පත් ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු පියවර, අපනයන කෘෂි භෝග ප්‍රවර්ධනය, මිල්කෝ ආයතනයේ මෙහෙයුම් හා එහි ප්‍රගතිය පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කපිල ජනක බණ්ඩාර, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ, අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එම්.කේ.එස්.ආර්.ඩී. සමරසිංහ, වී අලෙවි මණ්ඩලයේ සභාපති ඒ.එම්.යූ. පින්ලන්ද, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු කිරීමේ ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ඒ.එල්. සන්දික යන මහත්ම මහත්මීන් සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද, පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරු ඇතුළු නිලධාරීන් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06