ලෝක බැංකුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන පුරෝකථනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථීකය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා ශක්තිමත්ව යථා තත්ත්වයට පැමිණෙමින් සිටින බව ලෝක බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

එහි දැක්වෙන්නේ ජනගහනයෙන් තුනෙන් එකක් පමණ තවමත් දරිද්‍රතාවයේ පසුවන බව හෝ නැවත දරිද්‍රතාවට පත්වීමේ අවදානමක සිටින බවයි.

ලෝක බැංකුවේ ශ්‍රී ලංකා අංශ අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලන් මහතා මේ බව සඳහන් කර සිටිනවා.

ලෝක බැංකුවේ ද්වි-වාර්ෂික SRI LANKA DEVELOPMENT UPDATE වාර්තාව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රගතිය සම්බන්ධයෙන් වූ විස්තරය මාධ්‍යය වෙත මුදා හැර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2024 දී කැපී පෙනෙන ප්‍රකෘතියක් ලබා ඇති අතර, කලින් පුරෝකථනය කළ සියයට 4.4 ක ආර්ථික වර්ධන වේගයට සාපේක්ෂව සියයට 5ක වර්ධන වේගයක් වාර්තා කරමින් වර්ධන අපේක්ෂාවන් ඉක්මවා ගොස් ඇති බව එම වාර්තාවේ සඳහන්.

මෙම වර්ධනයට කර්මාන්ත හා සේවා, විශේෂයෙන් ඉදිකිරීම් සහ සංචාරක ආශ්‍රිත සේවාවන්හි ශක්තිමත් කාර්ය සාධනය හේතු වී ඇති බව ලෝක බැංකුව නිකුත් කරන ලද මෙම වාර්තාවෙහි වැඩිදුරටත් සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06