ලෝක නායකයින් රැසකගෙන් නිදහස් දිනයට සුබ පැතුම්

78 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් රජු විසින් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සහ මෙරට පුරවැසියන් වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබෙනවා.

ගැඹුරු ඓතිහාසික සබඳතාවලින් හැඩගැසුණු එක්සත් රාජධානිය සහ ශ්‍රී ලංකාව අතර පවතින කල් පවත්නා හවුල්කාරිත්වය පිළිබඳව ද චාල්ස් රජු විසින් මෙම පව්නිවුදයෙන් සඳහන් කර තිබෙනවා.

එක්සත් රාජධානියේ සැලකිය යුතු ශ්‍රී ලාංකික ප්‍රජාව ඇතුළුව අපගේ ජනතාව අතර ඇති විචිත්‍රවත් සංස්කෘතික සබඳතා මගින් මෙම හවුල්කාරිත්වය ශක්තිමත් වන බවත් චාල්ස් රජු නිකුත් කළ නිවේදනයේ සඳහන්.

එමෙන්ම ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් අමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ විසින් ද සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.

78 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ශ්‍රී ලාංකික ජනතාවට සුබ පැතුම් එක් කර ඇති මාර්කෝ රුබියෝ වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ අමෙරිකා සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාවය ඉදිරියේදීත් අඛණ්ඩව පවතිනු ඇති බවයි.

තවද මෙරට 78 වන නිදහස් දිනයට සුබ පැතුම් එක්කරමින් චීන ජනාධිපති ෂී ජින් පිං විසින් මෙරට ජනධිපති අනුර කුමාර දිසානායක වෙත සහ අගමැති හරිනි අමරසූරිය වෙත සුබ පැතුම්පණිවුඩයන් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ චීනය අන්‍යෝන්‍ය වශයෙන් සුහදශීලි මෙන්ම දෙපාර්ශවයටම ලාභදායි සහයෝගීතාවයක් අනුගමනය කරන හවුල්කරුවන් බව චීන ජනාධිපතිවරයා විසින් මෙරට ජනාධිපති අනුර කුමාර දිසානාය වෙත යොමු කර තිබෙන සුබ පැතුම් පණිවිඩයේ සදහන්.

බහරේන් රාජ්‍යයේ මහරජු හමාද් බින් ඉසා අල් කලීෆා විසින් ශ්‍රී ලංකාවේ 78 වන නිදහස වෙනුවෙන් සිය සුබ පැතුම් එක්කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ චිමිනියකින් විශාල කළු දුමාරයක්
00:09
Video thumbnail
හෙක්ටර් පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව..කල්පිටිය ප්‍රදේශයම කළු දුමාරයකින් වැහිලා ගිහින්
02:31
Video thumbnail
ලංකාවට කාටවත් කිසිම බලපෑමක් කරන්න බෑ..නාවික හමුදාව ජාත්‍යන්තර නීතිය අකුරට පිළිපැදලා තියෙන්නේ..
06:17
Video thumbnail
"ලි#ගික අල්ලස් නොදුන් නිසා කාන්තාවක් හිරේට දාලා"රෝහිණී පාර්ලිමේන්තුවම දෙවනත් කරයි
12:41
Video thumbnail
මැදපෙරදිග යුධ උණුසුම ශ්‍රී ලංකාවටත් - කමේනිගේ අනුප්‍රාප්තිකයා අවධානමක
04:28
Video thumbnail
මිනිස්සු රට යවනවා යැයි පොල්ල තිබ්බ කුරුණෑගල ඒජන්සියක පැටිකිරිය හෙළිවෙයි.. අපිව මුලා කළා
04:21
Video thumbnail
ඉන්දියානු සාගරයේ සාමය වෙනුවෙන් හැමදේම කරනවා..නෞකාව ගැන තොරතුරු ලැබුණ හැටි නලින්ද හෙළිකරයි
06:26
Video thumbnail
හිටපු ජනපති රනිල් කමේනිට ශෝකය පල කරන්න ඉරාන තානාපති කාර්යාලයට
02:33
Video thumbnail
මුජිබුර් පාර්ලිමේන්තුව දෙවනත් කරයි..ඇයි නෞකාවට ගාල්ල වරායට එන්න නොදුන්නේ ?
02:24
Video thumbnail
ඉරාන නෞකාව නිසා චාමර, දයාසිරි, පාර්ලිමේන්තුව යුධ පිටියක් කරයි.."අපේ රට පටලන්න කරපු බ# වැඩක් මේ"
03:27