ලෝකයක් ඉස්සරහා උඩ බලන් කෙල ගහගත්තා වගේ වැඩක් – ත්‍රිකලා පුෂ්පිකාට දෙහි කපයි – විවාහක රූ රැජින තරගය තවත් ගිනිගනී

කිසිම දෙයක් නැති කෙනෙක් රටක් නියෝජනය කරන්නට යැවීම, ලෝකයක් ඉස්සරහා උඩ බලන් කෙල ගහගත්තා වගේ – ත්‍රිකලා මේ කාටද කියන්නේ?

පසුගිය දා නිමා වුණු ලෝක විවාහක රූ රැජින කිරුළ තරඟයේ උණුසුම තවමත් ගිලිහී ගොස් නැහැ. මේ තරඟාවලිය සඳහා ලාංකේය නියෝජනයක්ද තිබුණා.

කෙසේ නමුත් විවාහක රූ රැජින කිරුළ පිළිබඳව ලංකාවට පැමිණි විවිධ පුවත් ගැන මේ වෙද්දි බොහෝ දෙනෙක් කතා කරනවා. ඒ අතර 2017 වසරේ Mrs Universe Honesty කිරුළ දිනාගත් ත්‍රිකලා ධරණි සිය අත්දැකීම් සහ රූ රැජින තරඟාවලිවල ස්වභාවය පිළිබඳව සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා තිබුණා.

එම සටහන පහතින්..

“මගේ රට නියෝජනය කරන්නට ලෝකයේ වැඩිම රටවල් ගණනක් (90) සහභාගී වන විශාලතම රූ රැජින තරගාවලියට ගිය කිරුලක් දරාපු කෙනෙක් නිසාවෙන්, රටගැන පොඩි හරි කැක්කුමක් ඇති නිසාවෙන්ද තවත් නිහඩව සිටීම රටේ ජනතාවට කරන අසාධාරණයක් ද නිසාවෙන් මෙලෙස ලියමි.

යම්කිසි රූ රැජින තරගාවලියක විශාලත්වය තීරණය වන්නේ එම ලෝක තරගාවලියට සහභාගී වන රටවල් ගණන අනුව. ඒ අනුව Universe, world තරගාවලි දෙක ලොව වඩාත්ම පිළිගත් ද්විත්වය වේ.

මෙම විවාහක රූ රැජින තරගාවලියෙන් ලංකාවෙන් ජය ලබා යම්කිසි රූ රැජිනක් රට නියෝජනය කරන්නට යනවිට අනිවාර්යයෙන් සම්පුර්ණ වියයුතු සාධක ඇත.

ඒ අතර සාර්ථක විවාහ ජීවිතයක් ගත කරන, ලෝකයේ කාන්තාවන්ට ආදර්ශයක් වෙන්නට හැකියාව ඇති, කෙනෙක්ට උපදෙසක් දීමට Personality එකක් තියන රෝල් මොඩ්ල් කෙනෙක් විය යුතුමය. දරුවකු සිටීමද මෙයට අතිශය වැදගත් කාරණාවකි.

මක්නිසාදයත්, පවුල නැමති ලොව කුඩාම ඒකකය සමබරව පවත්වාගන්නට නොහැකි කෙනෙකුට ලොවටම ආදර්ශයක් වන ඔටුන්නක් දරන්නට නොහැකි බැවිනි. ඒ අතරම සමාජ දැනුම, භාෂාව හැසිරවීම, යම් මට්ටමකට උගත් කමක් තිබීමද අනිවාර්ය වේ .

මේ කිසිම දෙයක් නැති කෙනෙක් රටක් නියෝජනය කරන්නට යැවීම, ලෝකයක් ඉස්සරහා උඩ බලන් කෙල ගහගත්තා වගේ ක්‍රියාවක්.

මෙවැනි තරගාවලියක කිසි විටෙකත් 4,5,6….ආදී ස්ථාන තෝරන්නේ නැති බවවත් ලොකූ බොරුවක් කියන්නට ප්‍රථමයෙන් ගූගල් කරලා හරි බලන්න තිබුනා මොලේ චුට්ටක් හරි පාවිච්චි කලානම්. ඒ මදිවට නිව්ස් වලටත් දීලා තිබුණා.

ප්‍රසිද්ධ වෙන්න ඕනා නම් මෙගා ටෙලි නාට්‍යකට රගපාන්න. හැමතිස්සිම ටීවී එකේ පෙන්න ඉන්න. රූ රැජිනක් කියන්නේ ඊට වඩා ගොඩක් ගැඹුරු දෙයක්. හිට් වෙන්න එන අය ප්ලීස් මේ ක්ෂේත්‍රයට එන්න එපා. රටේ නම, තමන්ගෙ නම, ක්ෂේත්‍රයේ නම ලෝකෙ ඉස්සරහ විහිලුවක් නොකර ඉන්න බලන්න.

මීට,

ත්‍රිකලා ධරණි.

ශ්‍රී ලාංකීය විශ්ව විවාහක රූරැජින

2017.

Mrs Universe Honesty 2017, south Africa.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
154
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා මුහුදු සීමාව ආසන්නයේ ප්‍ර#රයට ලක්වූ ඉරාන නෞකාව ගැන විශේෂ මාධ්‍ය සාකච්ඡාවක්
00:41
Video thumbnail
🔴Breaking News
00:00
Video thumbnail
හෝමුස් සමුද්‍ර සන්ධිය ගැන ඇඟ හිරිවැටෙන කතාවක් - ඉරාන නෞකා මෙහෙයුමට ශ්‍රි ලංකාව එන්ටර් වෙයි
06:04
Video thumbnail
ඉන්ධන පිරවුම්හල්වලට පැය 24 පුරාම විශේෂ පොලිස් ආරක්ෂාවක්..ආයේ තෙල් බූලිවලට පුරවනවා බොරු
01:41
Video thumbnail
මහ කොමසාරිස්, තානාපති කාර්යාල, හෝටල්වලට විශේෂ ආරක්ෂාවක්..මෙවැනි ස්ථාන වීඩියෝ කිරීම සම්පූර්ණ තහනම්
03:12
Video thumbnail
සෝමරතන හිමිගෙන් ජනපතිට දැඩි ප්‍රකාශයක්..වැ‍රැද්දක් කළා නම් ප්‍රසිද්ධියේ සමාව ගන්න
05:32
Video thumbnail
කතුන් පාරට බැහැලා ආණ්ඩුවට සැරට අමතයි..හුන්ඩුවේ ජනාධිපති ඉලපතෙන් ග#ලා එලවන්නේ
03:11
Video thumbnail
විවාහක පෙම්වතා, අනියම් පෙම්වතිය ගාමන්ට් එක තුළම බිහිසුණු ලෙස එළොව යවලා
00:56
Video thumbnail
🔴Breaking News
09:01
Video thumbnail
ඉරාන නෞකාවෙන් බේරාගත් පිරිස දැඩි ආරක්ෂාව මැද කරාපිටිය රෝහලට රැගෙන එන අයුරු
01:47