ලොව උසම දුම්රිය පාලම ළඟදීම

ඉන්දීය ඉංජිනේරු තාක්ෂණයේ නව පිටුවක් පෙරළමින් ලොව උසම දුම්රිය පාලම විවෘත කිරීම සඳහා දැන් සියල්ල සුදානම් බව ඉන්දීය දුම්රිය ප්‍රවාහන කටයුතු බාර අමාත්‍යවරයා අද ප්‍රකාශ කල බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

නමුත් මෙය ගමනාගමන කටයුතු සඳහා විවෘත කෙරෙන නිශ්චිත දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත්කර නැති බවයි වාර්තා වෙන්නේ.

නායයෑම්,ඝන හිමපතනය,ජලගැලීම් සහ ගස් කඩ වැටීම් වැනි ප්‍රවාහනයට සිදුවන බාධා මෙම පාලම විවර කිරීමත් සමග මගහැරෙනු ඇති බව මෙහි ඉදිකිරීම් බාර ඉංජිනේරු සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

ඕනෑම කාලගුණයකට ඔරොත්තු දෙන අයුරින් සකස් කිරීමට යන මෙය ප්‍රංශයේ ඊෆල් කුළුනටත් වඩා උස වන අතර මෙම පාලමේ උස ඊට පහලින් ගලායන චෙනබ් ගඟ පත්ලේ සිට මීටර් 359 ක් එනම් අඩි 1177 ක් හා එහි දිග මීටර් 1315 ක් එනම් අඩි 4314 ක් වනවා.

ඉන්දීය පාලනය යටතේ පවතින කාශ්මීරයේ ස්‍රීනගර් දිස්ත්‍රික්කයේ සිට ඉන්දීය අගනුවර දක්වා යා කෙරෙන මෙම පාලමේ ඉදිකිරීම් කටයුතු අරම්භ කෙරුනේ 1999 වසරේදී වන අතර මෙය නිම කිරීම සඳහා වැයවී ඇති මුළු මුදල ඩොලර් මිලියන 168 ක් වන හා භාවිත කර ඇති යකඩ ප්‍රමාණය ටොන් 28,000ක් වෙන බවයි වාර්තා වන්නේ.

ඉන්දීය දුම්රිය මාර්ග ඉදිකිරීම් ඉතිහාසයේ දුම්රිය දෙපාර්තුමේන්තුව ක්‍රියාවට නැගු අභියෝගාත්මක ඉදිකිරීම් කාර්ය මෙය බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17