Empty Ad
AFC Banner
Empty Ad

ලොතරැයියකින් මිලියන 100ක ජයගහණයක්

ඔස්ට්‍ර්ලියාවේ සිඩ්නි ප්‍රාන්තයේ පුද්ගලයෙකුට ඩොලර් මිලියන 100ක ලොතරැයි ජයග්‍රහණයක් ලැබී තිබෙනවා.

ඔස්ට්‍ර්ලියා ඉතිහාසයේ දෙවන විශාලතම ලොතරැයි ජයග්‍රාහකයා බවට පත් වූ ඔහු අදටත් තම රැකියාවට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති මෙගා පවර්බෝල් දිනුම් ඇදීමෙන් ඔහුට මෙම ජය හිමිවී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් අඩක් පමණ මෙම ලොතරැයි මිලදී ගන්නා අතර ජයග්‍රාහී ලොතරැයිය තමාට හිමිවීම ඇදහිය නොහැකි බවයි මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ.

2019 වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 107කට වඩා වැඩි මුදලක් සිඩ්නි නුවර හෙදියකට හිමිවූ අතර එය මෙම ලොතරැයි ක්‍රීඩාවේ ඉතිහාසය තුළ එරට විශාලතම ජය ලෙසටයි සැලකෙන්නේ.

පවර්බෝල් ජයග්‍රාහකයා පැවසුවේ තමන් තවමත් සේවයට පැමිණෙන අතර දැන් අප කෝටිපතියන් බව පවසමින් බිරිඳ ඊට බාධා කරණ බවයි.

ජයග්‍රාහී මුදලින් තබන පළමු පියවර අනාගතය සඳහා නවතම නිවසක් මිලදී ගැනීම බවට මෙම යුවළ එකඟ වී තිබෙනවා.

අඛණ්ඩව පවර්බෝල් දිනුම් ඇදීම් පහකට ජයග්‍රාහකයෙකු බිහි කිරීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ දිනුම් ඇදීම සඳහා සුපිරි ත්‍යාගය ඩොලර් මිලියන 100 දක්වා ඉහළ ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
10
+1
1
+1
8
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21
Video thumbnail
මට කොස් රොටී මාමා කියලා කතා කරන්න - වඩු මඩුවක් ඇතුළේ දිලිත් කරපු සුපිරි කතාව
10:48
Video thumbnail
අපි දෙයක් කිව්වොත් කිව්වා - අපේ බොරු නෑ - ඇමති සමන්ත සහතික කරලා කියපු කතාව
11:26
Video thumbnail
ගොන් ආතල් ගන්න එපා මහත්තයෝ - ඉත්තෑකන්දේ හිමිට තදවෙයි
05:33
Video thumbnail
රාජ්‍ය නිලධාරීන්ට තර්ජනය කරන චණ්ඩි - සංවේදී පුද්ගලයින් නැරඹීමෙන්
03:34

?