ලොතරැයියකින් මිලියන 100ක ජයගහණයක්

ඔස්ට්‍ර්ලියාවේ සිඩ්නි ප්‍රාන්තයේ පුද්ගලයෙකුට ඩොලර් මිලියන 100ක ලොතරැයි ජයග්‍රහණයක් ලැබී තිබෙනවා.

ඔස්ට්‍ර්ලියා ඉතිහාසයේ දෙවන විශාලතම ලොතරැයි ජයග්‍රාහකයා බවට පත් වූ ඔහු අදටත් තම රැකියාවට යමින් සිටින බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

බ්‍රහස්පතින්දා රාත්‍රියේ පැවති මෙගා පවර්බෝල් දිනුම් ඇදීමෙන් ඔහුට මෙම ජය හිමිවී තිබෙනවා.

ඕස්ට්‍රේලියානු ජනගහනයෙන් අඩක් පමණ මෙම ලොතරැයි මිලදී ගන්නා අතර ජයග්‍රාහී ලොතරැයිය තමාට හිමිවීම ඇදහිය නොහැකි බවයි මෙම පුද්ගලයා ප්‍රකාශ කර ඇත්තේ.

2019 වසරේ ජනවාරි මාසයේදී ඩොලර් මිලියන 107කට වඩා වැඩි මුදලක් සිඩ්නි නුවර හෙදියකට හිමිවූ අතර එය මෙම ලොතරැයි ක්‍රීඩාවේ ඉතිහාසය තුළ එරට විශාලතම ජය ලෙසටයි සැලකෙන්නේ.

පවර්බෝල් ජයග්‍රාහකයා පැවසුවේ තමන් තවමත් සේවයට පැමිණෙන අතර දැන් අප කෝටිපතියන් බව පවසමින් බිරිඳ ඊට බාධා කරණ බවයි.

ජයග්‍රාහී මුදලින් තබන පළමු පියවර අනාගතය සඳහා නවතම නිවසක් මිලදී ගැනීම බවට මෙම යුවළ එකඟ වී තිබෙනවා.

අඛණ්ඩව පවර්බෝල් දිනුම් ඇදීම් පහකට ජයග්‍රාහකයෙකු බිහි කිරීමට නොහැකි වීම හේතුවෙන් බ්‍රහස්පතින්දා රාත්‍රියේ දිනුම් ඇදීම සඳහා සුපිරි ත්‍යාගය ඩොලර් මිලියන 100 දක්වා ඉහළ ගොස් තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39