spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලිබියා ගංවතුරේ මරණ 20,000 ඉක්මවිය හැකි බවට ප්‍රකාශයක්

ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 පමණ විය හැකි බව ඩර්නා (Derna) නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති ප්‍රකාශ කර තිබෙනවා.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි ජලාශවල වේලි දෙකක් කදී ගිය අතර පාලම් හතරක් ද කඩා වැටුණා.

මේ හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වූ අතර එම ගංවතුර තත්ත්වය හේතුවෙන් 10000කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් 5300 කට අධික පිරිසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බව බලධාරීන් අතර නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය පිළිබඳ කලින් අනතුරු ඇඟවීම් සිදු කළේ නම් සහ අපදා කළමනාකරණ පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි විශාල හානියක් වීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (14) ජිනීවා නුවරදී ප්‍රකාශ කළේ.

මධ්‍යධරණී මුහුදේ ඩැනියෙල් කුණාටුවෙන් ඇද හැලුණු වර්ෂාපතනය නිසා වේලි දෙකක් කඩා වැටීම හමුවේ පැමිණි අඩි 20කට වඩා උස ජල පහර රට නැගෙනහිරින් පිහිටි වරාය නගරය හරහා ගලාගෙන ගියා.

ගසාගෙන ගිය ප්‍රදේශවල ජීවත් වන අයගේ ඇස්තමේන්තු මත පදනම්ව, නගරයේ මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවිය හැකි බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

සහන ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ව ඇස්තමේන්තුවලට අනුව මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති අතර 10,000ක් තවමත් අතුරුදන්.

ප්‍රදේශයේ විනාශයේ මට්ටම සීමිත යටිතල පහසුකම් හේතුවෙන් නිශ්චිතව ගණනය කිරීම දුෂ්කර වී තිබෙනවා.

ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 20,000 ඉක්ම වන බව තහවුරු වුවහොත් ඉන් අදහස් වන්නේ නගරයේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ මියගොස් ඇති බවයි.

චන්ද්‍රිකා ඡායාරූප මගින් ගංවතුරෙන් සිදු වූ විනාශයේ විශාලත්වය පෙන්නුම් කරන අතර රජයේ නිලධාරියෙක් ඇස්තමේන්තු කළේ නගරයේ 25% ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

ට්‍රිපොලි පොදු සේවා සමාගම බදාදා දින පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමකින් Derna හි කලින් ජනාකීර්ණ මධ්‍යස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

එහි කාර්ය මණ්ඩලය කණ්ඩායම් තුනකට බෙදා ඇත්තේ එකක් වින්දිතයින් සිරවී ඇති සුන්බුන් ඉවත් කිරීමට, අනෙක් කණ්ඩායම එකතැන පල්වෙන ජලය පොම්ප කිරීමට සහ තවත් කණ්ඩායමක් ගංවතුරෙන් ගසාගෙන ගිය ගොඩනැගිලි සහ මෝටර් රථ ඉවත් කර මාර්ග නැවත විවෘත කිරීමටයි.

ඩර්නා පාලනය කරනු ලබන්නේ ලිබියානු ජාතික හමුදාව විසින්. රටේ ඉතිරි කොටස බටහිරින් ට්‍රිපොලි අගනුවර පදනම් කරගත් ජාතික එකමුතුවේ රජය විසිනුයි මෙහෙයවනු ලබන්නේ.

මෙම භේදය වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට බාධා කර ඇති නමුත් සහන සේවකයින් පවසන්නේ දෙපාර්ශවයම දැන් එකිනෙකා සමඟ කතා කරන බවයි.

ආණ්ඩු දෙකම ජාත්‍යන්තර ප්‍රජාව වෙත සේවා සහ උපකාර ඉල්ලා ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ තව්හිඩ් පාෂා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
KASTHIRAMA | පා.ම.එස්.එම්.මරික්කාර් සහ හිටපු පා.ම.සුනිල් හදුන්නෙත්ති සහභාගීවන දේශපාලන වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
Dasatha “පිටුවෙන් පිටුව” – LIVE | 2024-07-26
01:04:20
Video thumbnail
පාර්ලිමේන්තුව උණුසුම් කළ දවසේ කතාව දේශබන්දු "පොලිස්පතිවරයෙක් එහෙම කනින් අල්ලලා එළියට දාන්න බෑ"
06:32
Video thumbnail
සජිත් ගහපු ගුරු සෙල්ෆිය...#sjb #sajithpremadasa
00:49
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වූ විවිධ වැඩසටහන්
03:18
Video thumbnail
දසත සවස 6.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 6.25 PM LIVE | 2024-07-26 | Dasatha News
33:30
Video thumbnail
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අගමැතිතුමා කියවන්න ඕන වගන්තිය ගැන නීතිඥයන් කියයි
02:51
Video thumbnail
ජනාධිපතිවරණයේදී පළමු වතාවට ක්‍රියාත්මකවන නීතිය ගැන පැෆ්රල් සංවිධානය කියපු දේ
02:38
Video thumbnail
ඇප තැන්පත් කළ ජනාධිපති අපේක්ෂකයන්ගේ රට හදන කතා
03:10
Video thumbnail
"වෙනත් කිසිවෙකුගේ බලපෑමකට මැතිවරණ කොමිසම හිස නවන්නෙ නෑ"
06:19

?