ලිබියා ගංවතුරේ මරණ 20,000 ඉක්මවිය හැකි බවට ප්‍රකාශයක්

ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 20,000 පමණ විය හැකි බව ඩර්නා (Derna) නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති ප්‍රකාශ කර තිබෙනවා.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි ජලාශවල වේලි දෙකක් කදී ගිය අතර පාලම් හතරක් ද කඩා වැටුණා.

මේ හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට වූ අතර එම ගංවතුර තත්ත්වය හේතුවෙන් 10000කට අධික පිරිසක් අතුරුදන් වී ඇති බවයි වාර්තා වන්නේ. පුද්ගලයන් 5300 කට අධික පිරිසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බව බලධාරීන් අතර නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

ගංවතුර තත්ත්වය පිළිබඳ කලින් අනතුරු ඇඟවීම් සිදු කළේ නම් සහ අපදා කළමනාකරණ පද්ධති නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි විශාල හානියක් වීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බවයි එක්සත් ජාතීන්ගේ සංවිධානය අද (14) ජිනීවා නුවරදී ප්‍රකාශ කළේ.

මධ්‍යධරණී මුහුදේ ඩැනියෙල් කුණාටුවෙන් ඇද හැලුණු වර්ෂාපතනය නිසා වේලි දෙකක් කඩා වැටීම හමුවේ පැමිණි අඩි 20කට වඩා උස ජල පහර රට නැගෙනහිරින් පිහිටි වරාය නගරය හරහා ගලාගෙන ගියා.

ගසාගෙන ගිය ප්‍රදේශවල ජීවත් වන අයගේ ඇස්තමේන්තු මත පදනම්ව, නගරයේ මියගිය සංඛ්‍යාව 20,000 ඉක්මවිය හැකි බවයි නගරාධිපතිවරයා පවසන්නේ.

සහන ආයතන සහ රාජ්‍ය නිලධාරීන්ගේ පූර්ව ඇස්තමේන්තුවලට අනුව මරණ සංඛ්‍යාව 5,000 ඉක්මවා ඇති අතර 10,000ක් තවමත් අතුරුදන්.

ප්‍රදේශයේ විනාශයේ මට්ටම සීමිත යටිතල පහසුකම් හේතුවෙන් නිශ්චිතව ගණනය කිරීම දුෂ්කර වී තිබෙනවා.

ඇස්තමේන්තුගත මරණ සංඛ්‍යාව 20,000 ඉක්ම වන බව තහවුරු වුවහොත් ඉන් අදහස් වන්නේ නගරයේ ජනගහනයෙන් පහෙන් එකක් පමණ මියගොස් ඇති බවයි.

චන්ද්‍රිකා ඡායාරූප මගින් ගංවතුරෙන් සිදු වූ විනාශයේ විශාලත්වය පෙන්නුම් කරන අතර රජයේ නිලධාරියෙක් ඇස්තමේන්තු කළේ නගරයේ 25% ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි.

ට්‍රිපොලි පොදු සේවා සමාගම බදාදා දින පැය 24 පුරා ක්‍රියාත්මක වන මෙහෙයුමකින් Derna හි කලින් ජනාකීර්ණ මධ්‍යස්ථානයේ සුන්බුන් ඉවත් කිරීමට පටන් ගෙන තිබෙනවා.

එහි කාර්ය මණ්ඩලය කණ්ඩායම් තුනකට බෙදා ඇත්තේ එකක් වින්දිතයින් සිරවී ඇති සුන්බුන් ඉවත් කිරීමට, අනෙක් කණ්ඩායම එකතැන පල්වෙන ජලය පොම්ප කිරීමට සහ තවත් කණ්ඩායමක් ගංවතුරෙන් ගසාගෙන ගිය ගොඩනැගිලි සහ මෝටර් රථ ඉවත් කර මාර්ග නැවත විවෘත කිරීමටයි.

ඩර්නා පාලනය කරනු ලබන්නේ ලිබියානු ජාතික හමුදාව විසින්. රටේ ඉතිරි කොටස බටහිරින් ට්‍රිපොලි අගනුවර පදනම් කරගත් ජාතික එකමුතුවේ රජය විසිනුයි මෙහෙයවනු ලබන්නේ.

මෙම භේදය වසර ගණනාවක් තිස්සේ ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයන්ට බාධා කර ඇති නමුත් සහන සේවකයින් පවසන්නේ දෙපාර්ශවයම දැන් එකිනෙකා සමඟ කතා කරන බවයි.

ආණ්ඩු දෙකම ජාත්‍යන්තර ප්‍රජාව වෙත සේවා සහ උපකාර ඉල්ලා ඇති බව සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානයේ තව්හිඩ් පාෂා විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12