ලිට්‍රෝ සමාගම ප්‍රතිඥාවක

මින් මතුවට පාරිභෝගික ආරක්ෂණ අධිකාරිය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් අනුමත කරන ගෘහස්ථ ගෑස් පමණක් වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා බව ලිට්‍රෝ ගෑස් සමාගම අද අභියාචනාධිකරණයට ප්‍රතිඥාවක් ලබා දී තිබේ.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරවලින් සිදුවන ගෑස් කාන්දුවීම් හේතුවෙන් සිදු වූ අනතුරු පිළිබඳව විමර්ශනයක් පවත්වන ලෙස නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිවිල් සංවිධාන ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම අද කැඳවූ අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හර්ෂ අමරසේකර මහතා මෙම දැනුම් දීම සිදු කර ඇත.

එමෙන්ම ගෑස් සිලින්ඩරයක් තුළ අන්තර්ගත ගෑස් වල සංයුතිය දැක්වෙන ස්ටිකරයක් එම සිලින්ඩරය මත ප්‍රදර්ශනය කිරීමට එකඟ වන බවද ඔහු තවත් ප්‍රතිඥාවක් ලබා දෙමින් සඳහන් කළේය.

පෙත්සම අද රුවන් ප්‍රනාන්දු සහ සම්පත් විජේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

ඒ අනුව ඊයේ දින අභියාචනාධිකරණය විසින් කළ දැනුම්දීම පරිදි ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් මෙම දිවුරුම් පෙත්සම් දෙක ඔවුන්ගේ නීතිඥවරයා විසින් අධිකරණයට ඉදිරිපත් කර ඇත.

මෙම අවස්ථාවේදී ලිට්‍රෝ ගෑස් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කළේ ඉකුත් දිනවල වාර්තා වූ ගෑස් අනතුරුවලින් සියයට අනූවකට වඩා ප්‍රමිතියෙන් තොර උදුන් හා උපාංග හේතුවෙන් සිදු වී ඇති බවට විමර්ශන වලින් තහවුරු වී ඇති බවය.

පාරිභෝගික සේවා අධිකාරිය සහ ප්‍රමිති කාර්යාංශය වෙනුවෙන් පෙනී සිටි ජේෂ්ඨ රජයේ නීතිඥ මනෝහර ජයසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ  ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු සංයුතිය පිළිබඳව තීන්දු කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශය විසින් ලබන 20 වන දා විශේෂ රැස්වීමක් කැඳවා ඇති බවය.

එම රැස්වීමේදී ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක අන්තර්ගත විය යුතු ප්‍රමිතිය හා සංයුතිය පිළිබඳව කඩිනම් තීන්දුවක් ගනු ඇති බවයි ඔහු සඳහන් කර ඇත.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය එම කරුණුවලට අදාළව තම නියෝග හෙට දින ප්‍රකාශයට පත් කරන බව නිවේදනය කර තිබේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිසියෙන් SPA එකකට කඩා පනී..CCTV දර්ශන ලීක්වෙයි
01:45
Video thumbnail
අභිමානවත් 160වන පොලිස් සංවත්සරයට ජනපති පැමිණි අයුරු
01:47
Video thumbnail
160වන පොලිස් සංවත්සරයට ජනපති ගැම්මට ඇවිත් බහින හැටි - නිලධාරින්ගෙන් ජනපතිට ලැබුණ ආචාරය
02:21
Video thumbnail
මහජනයා එක්ක ගැ#ම් ඇතිවිය හැකියි..ඒක ස්වාභාවය - පොලිස් මාමා කියන්න පුළුවන් නව පොලිසියක් අවශ්‍යයි
02:33
Video thumbnail
පොලිස් නිල ඇඳුම ස්මාර්ට් වෙන හැටි ජනපති හෙළිකරයි - බොඩි කැම්, බැට්න් එක තියෙන විදියට
02:54
Video thumbnail
පොලිසියේ සැමට අවදානම් දීමනාවක් දෙනවා - බැඳෙනකොටත්,බඳිනකොටත්, විශ්‍රාම යනකොටත් කොස්තාපල්
03:03
Video thumbnail
අපරාධවලට උත්තේජයක් වෙන්නේ නිසි කාලයේ දඬුවම් නොදීම - වේගවත්ව ඔවුන්ට දඬුවම් දෙන්න ඕනි
07:08
Video thumbnail
පොලිස් නිලධාරින්ට ජනපති දුන් දැඩි අවවාදය - මිලදී ගැනීමට නොහැකි නිලධාරියෙක් වෙන්න..නිල ඇඳුම අතහරින්න
09:33
Video thumbnail
කඩවත පොලිසියට SPA සංගම්වලින් දැඩි චෝදනා - මසාජ් එකක් කියන්නේ ඇඟට හොඳ දෙයක්
11:55
Video thumbnail
ජනපති අනුර අන්කල්ගෙන් චූටි දූට ලැබුණු ආදරණීය උම්මා එක..
00:08