ලැබුණු ආරාධනය පිළිගනිමින් ඇමති විජිත ඕස්ට්‍රේලියාවට සහ නවසීලන්තයට

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත රජයන්ගේ ආරාධනයෙන් ලබන 26 වැනිදා සිට ජුනි 3 දක්වා නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන බව අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙම සංචාරය අතරතුර, අමාත්‍ය හේරත්, නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාවේ අමාත්‍යවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා එක්වීමට නියමිතයි.

එමෙන්ම අමාත්‍යවරයා දෙරටේ ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රිකයින්, ව්‍යාපාරිකයින් සහ ශ්‍රී ලාංකික ප්‍රජාවද හමුවීමට නියමිත බව නිවේදනයේ සඳහන් වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
5
+1
3
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted