ලාල් සරත් කුමාර දැයට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු, හඩ කැවීම් ශිල්පියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වු අභාවප්‍රාප්ත ලාල් සරත් කුමාර කලාකරුවා අද දැයට සමු දුන්නා.

ඒ වත්තල කෙරවළපිටිය පොදු සුසාන භූමියේදීයි.

ශබ්ද පරිපාලනයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වී නිවේදකවරයෙකු, රංගන ශිල්පියෙකු හා හඩකැවීම් ශිල්පියෙකු ලෙස තම දක්ෂතා මැනවින් විදහා දැක්වු ලාල් සරත් කුමාරයන් ගුවන් විදුලි නාට්‍ය කලාවට විශාල මෙහෙයක් ඉටුකළා.

චරිත සියයකට අධික සංඛ්‍යාවක හඩකවා ඇති ඔහු අධිරජ ධර්මාශෝක මාලා නාටකයේ චානක්‍ය, සුජාත දියණිය නාට්‍යයේ හී ෂිං වෙදදුරු ආදී චරිත රැසක් ඔහුගේ හඩින් ඔපවත් වුණා.

සිරස එෆ් එම් ගුවන් විදුලිය ආරම්භයේ දී ඊට එක්වු ලාල් සරත් කුමාර හඩකැවීම් ශිල්පියෙකු ලෙස ඉටුකළේ ඉමහත් කාර්යභාරයක්.

පසුකාලීනව ඔහු හඩකැවීම් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් විශාල සිසුන් පිරිසකට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉඩකඩ විවර කරදීමට සමත්වුණා.

ඔහු පසුගියදා මිය යන විට 69 වන වියේ පසු වුණා.

කෙරවළපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටේ ඉතිහාසය අලුත් කරන මැයි දිනයක් බවට මේක පත්වෙනවා..21ම ඉතාම ඉහළින් සාර්ථක වෙනවා
06:20
Video thumbnail
මුළු කොලඹම කැළඹෙයි - බලය පෙන්නන්න හදන පරණ සෙල්ලම ආයෙත් එළියට
04:10
Video thumbnail
ඥානසාර හිමිගෙන් ක්‍රිකට් ආයතනය ගැන ඇස් උඩයන හෙළිදරව්වක් - මට හෙට තව නඩුවක් වැටෙයි
02:29
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන
01:15
Video thumbnail
🔴Breaking News
09:34
Video thumbnail
අභිරහස් ලෙස එළොව ගිය සහකාර අධ්‍යක්ෂකගේ නිවසේ නවතම දර්ශන..ගම්මු වටවෙයි - පොලිසියත් එයි
02:13
Video thumbnail
භාණ්ඩාගාර සිද්ධියට වැඩ තහනම් වූ එක් අයෙක් අභිරහස් ලෙස එළොව යයි
00:51
Video thumbnail
🔴Breaking News
04:05
Video thumbnail
ඥානසාර හිමි පාස්කුව ගැන කිව්ව දේ..අහස පොළොව නුහුලන බොරු කියන්නේ..මහ ගුණමකු ජාතියක් මේ
02:48
Video thumbnail
වැඩ බැරි ගොඩේ හිටිය ප්‍රධාන කෙනෙක් ඉරාන්..තිස්සකුට්ටිගෙන් ක්‍රිකට් ගැන සැර කතාවක්..
02:35