spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලාල් සරත් කුමාර දැයට සමු දෙයි

ප්‍රවීණ රංගන ශිල්පියෙකු, හඩ කැවීම් ශිල්පියෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු වු අභාවප්‍රාප්ත ලාල් සරත් කුමාර කලාකරුවා අද දැයට සමු දුන්නා.

ඒ වත්තල කෙරවළපිටිය පොදු සුසාන භූමියේදීයි.

ශබ්ද පරිපාලනයෙකු ලෙස ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට සම්බන්ධ වී නිවේදකවරයෙකු, රංගන ශිල්පියෙකු හා හඩකැවීම් ශිල්පියෙකු ලෙස තම දක්ෂතා මැනවින් විදහා දැක්වු ලාල් සරත් කුමාරයන් ගුවන් විදුලි නාට්‍ය කලාවට විශාල මෙහෙයක් ඉටුකළා.

චරිත සියයකට අධික සංඛ්‍යාවක හඩකවා ඇති ඔහු අධිරජ ධර්මාශෝක මාලා නාටකයේ චානක්‍ය, සුජාත දියණිය නාට්‍යයේ හී ෂිං වෙදදුරු ආදී චරිත රැසක් ඔහුගේ හඩින් ඔපවත් වුණා.

සිරස එෆ් එම් ගුවන් විදුලිය ආරම්භයේ දී ඊට එක්වු ලාල් සරත් කුමාර හඩකැවීම් ශිල්පියෙකු ලෙස ඉටුකළේ ඉමහත් කාර්යභාරයක්.

පසුකාලීනව ඔහු හඩකැවීම් පුහුණුකරුවෙකු ලෙස කටයුතු කරමින් විශාල සිසුන් පිරිසකට මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉඩකඩ විවර කරදීමට සමත්වුණා.

ඔහු පසුගියදා මිය යන විට 69 වන වියේ පසු වුණා.

කෙරවළපිටිය පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරුණේ කලාකරුවන් ඇතුළු විශාල පිරිසකගේ සෝ සුසුම් මධ්‍යයේයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
4
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?