ලබන බදාදා පාර්ලිමේන්තු සැසිය ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කෙරේ

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරුන්ට ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගීවීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට ලිඛිතව දැනුම් දී ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලබන 24 වනදා මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එම විවාදයෙන් අනතුරුව එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිතයි.

මේ අතර ලබන බදාදා (24) පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී වීමට නොහැකි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිදහසට ඊට අදාළ කරුණු දැක්වීම පසුව සිදුකළ යුතු වනවා.

පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම සඳහා නිකුත්කරනු ලබන නිවේදනය ‘ඉරි තුනේ නිවේදනය’ ලෙස හඳුන්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?