ගිං ගඟ ආශ්‍රිතව පිහිටි පහත්බිම් ප්‍රදේශ කිහිපයක් සඳහා ලැබී ඇති වර්ෂාපතනයන් සැලකිල්ලට ගනිමින් එම පහත්බිම් ප්‍රදේශ සඳහා සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
එම ප්‍රදේශවල ඉදිරි පැය 24ක කාලය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ.
ඒ අනුව, තවලම, නාගොඩ, බද්දේගම, වැලිවිටිය – දිවිතුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසලවලට අයත් ගිං ගඟ නිම්නයේ පහත්බිම්වල වෙසෙන ජනතාවට මේ සම්බන්ධව අවධානයෙන් යුතුව සිටින එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබෙනවා.













