ලක්ෂ්මන් යාපාට එරෙහි නඩුවේ විත්තියේ විරෝධතා පිළිබඳ තීන්දුවට දින නියම වෙයි

අල්ලස් කොමිසම විසින් “දූෂණය” නැමැති වරද යටතේ හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන සහ ආයෝජන මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් ජයන්ත එදිරිසිංහ අයට එරෙහිව ගොනුකර තිබෙන නඩුව පවරා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

මෙම නඩුව අද (07) කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු මූලික විරෝධතා මතු කරමින් මෙම නඩුව විභාග කිරීමට මහාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කළා.

ඒ අනුව අදාළ චෝදනා නිෂ්ප්‍රභ කර විත්තිකරුවන් මුදා හරින ලෙසත්, එම නීතිඥවරු සිය මූලික විරෝධතාවලින් කරුණු දක්වා තිබුණා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරුවරයා, විත්තිකරුවන් විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිබඳ නියෝගය නොවැම්බර් මස 10 වැනිදා ප්‍රකාශයට පත්කරන බව නිවේදනය කළා.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ දෙවන පදවි ප්‍රාප්තියේ හතරවන වසර සැමරීම වෙනුවෙන් 2014 වසරේ නොවැම්බර් මස 19 වැනිදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අරමුදල්වලින් පුවත්පත් 11ක අතිරේක පළ කිරීම තුළින් රජයට 1748877.76ක මුදලක් පාඩු කිරීම තුළින් දූෂණ විරෝධී පනත යටතේ වරදක් සිදු කර ඇතැයි චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:31
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30