ලංවීම වැඩ තහනම් වූ සේවකයින්ට සාධාරණයක් ඉල්ලයි (වීඩියෝ)

ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරෝධය පළ කරමින් සිදුකළ විරෝධතාවයේ දී වැඩ තහනමට ලක් කළ විදුලි සේවකයින්ට සාධාරණයක් ඉටු කර දෙන්නැයි ඉල්ලා දේශපාලන පක්ෂ නියෝජිතයින් හමුවීමට ලංකා විදුලි බල මණ්ඩලයේ ඒ්කාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, එහි නියෝජිතයින් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිතයින් හමුවීමට පැමිණ තිබුණේ පැලවත්තේ පිහිටි ඔවුන්ගේ පක්ෂ මූලස්ථානයේදී.