ලංගම බසයක් තුළ දී පුද්ගලයෙකු පැහැරගෙන (ඡායාරූප)

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පොල ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගියෙකු කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර, පැහැරගැනීමට පෙර ඔහුට පිහි පහරවල් කිහිපයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොත්මලේ, කඩදොර ප්‍රදේශයේ පදිංචි හේමන්ත රාජපක්ෂ නැමැති 46 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු ගම්පොල ලංගම ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කරන අයෙක් වන අතර, බස් රථය ජයමාලපුර ප්‍රදේශයට පැමිණෙන විට වෑන් රථයක් මාර්ගය හරස් කොට බසය නවතා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අද (24) උදෑසන සිද්ධිය සිදුවන අවස්ථවේ දී බස් රථය තුළ පුද්ගලයින් හය දෙනෙකු පමණ සිට ඇති අතර, මෙම සිදුවීමෙන් පසු රියදුරු වහාම බස් රථය ගම්පොල පොලිසිය වෙත ධාවනය කර තිබෙනවා.

පැහැර ගැනීමට පැමිණි වෑන් රථය සහ පුද්ගලයින් සොයා ගම්පොල පොලිසියේ කණ්ඩායම් හතරක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි වාර්තා වුණේ.

පැහැර ගැනීමට ලක් වූ අයගේ බිරිඳ සහ ඥාතීන් පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇති අතර, බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46