spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංගම බසයක් තුළ දී පුද්ගලයෙකු පැහැරගෙන (ඡායාරූප)

මාවෙල සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ ගම්පොල ලංගම ඩිපෝවට අයත් බස් රථයක සිටි මගියෙකු කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් පැහැරගෙන ගොස් තිබෙනවා.

වෑන් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම පැහැරගැනීම සිදුකර ඇති අතර, පැහැරගැනීමට පෙර ඔහුට පිහි පහරවල් කිහිපයක් ද එල්ල කර ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ කොත්මලේ, කඩදොර ප්‍රදේශයේ පදිංචි හේමන්ත රාජපක්ෂ නැමැති 46 හැවිරිදි අයෙක් බවයි පොලීසිය පැවසුවේ.

මොහු ගම්පොල ලංගම ඩිපෝවේ රියදුරකු ලෙස සේවය කරන අයෙක් වන අතර, බස් රථය ජයමාලපුර ප්‍රදේශයට පැමිණෙන විට වෑන් රථයක් මාර්ගය හරස් කොට බසය නවතා මෙම පැහැර ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පවසන්නේ.

අද (24) උදෑසන සිද්ධිය සිදුවන අවස්ථවේ දී බස් රථය තුළ පුද්ගලයින් හය දෙනෙකු පමණ සිට ඇති අතර, මෙම සිදුවීමෙන් පසු රියදුරු වහාම බස් රථය ගම්පොල පොලිසිය වෙත ධාවනය කර තිබෙනවා.

පැහැර ගැනීමට පැමිණි වෑන් රථය සහ පුද්ගලයින් සොයා ගම්පොල පොලිසියේ කණ්ඩායම් හතරක් විමර්ශන සඳහා යොදවා ඇති බවයි වාර්තා වුණේ.

පැහැර ගැනීමට ලක් වූ අයගේ බිරිඳ සහ ඥාතීන් පොලීසිය වෙත කැඳවා ප්‍රකාශ ලබාගැනීමට කටයුතු කර ඇති අතර, බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාගෙන් ද මේ වනවිට ප්‍රකාශ ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?