spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ලංකාව ‘අඩු ආදායම්’ගොඩට දාන්න ඉන්දියාව සැරසෙයි

ශ්‍රී ලංකාව නැවත ‘අඩු ආදායම්ලාභී රටක්’ ලෙස තාවකාලිකව වර්ග කරන ලෙස ඉන්දියාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව ඇතුළු වගකිවයුතු පාර්ශ්ව වෙතින් ඉල්ලා ඇත. ඉකොනොමික්ස් ටයිම්ස් පුවත්පත වාර්තා කර ඇති ආකාරයට ඉන්දීය මුදල් ඇමැතිනී නිර්මලා සීතාරාමන් පෙන්වා දී ඇත්තේ මෙලෙස ශ්‍රී ලංකාව නැවත අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම මගින් රටේ උද්ගතව පවතින උග්‍ර මූල්‍ය අර්බුදය හමුවේ බහුපාර්ශ්වීය ණය ලබාගැනීමට පහසු වනු ඇති බවයි.

2020 වසර ආරම්භයේදී කොවිඩ් – 19 වසංගතය ආරම්භ වන වකවානුවේ ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන රටක් ලෙස වර්ග කෙරිණි. මුදල් ඇමැතිනී සීතාරාමන් IMF සහ ලෝක බැංකුව වෙත පෙන්වා දී ඇත්තේ වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඇතුළු ආදායම් මාර්ග රැසක් අහිමි වී ඇති බැවින් දැන් ශ්‍රී ලංකාව අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම ඔස්සේ රටට උපකාර කිරීමට පහසු වනු ඇති බවයි. කොවිඩ් වසංගතය හමුවේ ලෝක බැංකුව සිය අඩු ආදායම්ලාභී රටවල් ලැයිස්තුවේ ඇති රටවල් 73 කට ණය සහ පැකේජයක් යටතේ පහසුකම් රැසක් ලබාදෙනු ලැබීය. එහෙත් ඒ වනවිටත් ශ්‍රී ලංකාව මධ්‍ය ආදායම් ලබන කාණ්ඩයේ පසුවූ බැවින් ශ්‍රී ලංකාවට එම සහනය අහිමි විය. කෙසේ වෙතත් දැන් ශ්‍රී ලංකාව නැවත අඩු ආදායම්ලාභී රටක් ලෙස වර්ග කිරීම ඔස්සේ රටේ විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය පහසු වනු ඇති බවද ඉන්දියාව පෙන්වා දී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?