spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රෝහලේ ශල්‍යාගාරයේ වෙඩින් ප්‍රී ශූට් එක කළ දොස්තරට වැඩ වරදියි (ඡායාරූප)

සිය පෙම්වතිය සමඟ රජයේ රෝහලක ශල්‍යාගාරයක රූගත කිරීමක් සිදුකළ වෛද්‍යවරයෙක් සේවයෙන් පහකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර් හි පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයක මොවුන් මෙම රූගත කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොන්ත්‍රාත් වෛද්‍යවරයකු ලෙස අදාළ රෝහල තුළ කටයුතු කර ඇති මෙම වෛද්‍යවරයා විවාහයට පෙර සිදුකරනු ලබන පූර්ව විවාහ රූගත කිරීමක් (ප්‍රී ශූට්) මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අභිෂේක් නැමැති මෙම වෛද්‍යවරයා ව්‍යාජ රෝගියෙකුගේ උදරයේ සැත්කමක් සිදුකරන ආකාරයත්, වෛද්‍යවරයාගේ පෙම්වතිය සැත්කමට උදව්කරමින් ශල්‍ය මෙවලම් ඔහුට සපයන ආකාරය සමාජ මාධ්‍යට එක්කළ වීඩියෝවක දැක්වෙනවා.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ දිස්ත්‍රික් පරිපාලනය විසින් අදාළ වෛද්‍යවරයා ඊයේ (09) මෙලෙස සේවයෙන් පහකළ ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ රෝහල්වලට රජයෙන් ලබා දෙන පහසුකම් සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සේවාව සඳහා බව දැනගෙන රාජකාරිය ඉටු කිරීමට සියලු දෙනාම අවධානය යොමු කළ යුතු බවයි චිත්‍රදුර්ගා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

7
8
9
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
10
+1
95
+1
8
+1
7
+1
9
+1
30
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?