රෝහලේ ශල්‍යාගාරයේ වෙඩින් ප්‍රී ශූට් එක කළ දොස්තරට වැඩ වරදියි (ඡායාරූප)

සිය පෙම්වතිය සමඟ රජයේ රෝහලක ශල්‍යාගාරයක රූගත කිරීමක් සිදුකළ වෛද්‍යවරයෙක් සේවයෙන් පහකළ පුවතක් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

චිත්‍රදුර්ගා දිස්ත්‍රික්කයේ භාරමසාගර් හි පිහිටි රජයේ රෝහලක ශල්‍යාගාරයක මොවුන් මෙම රූගත කිරීම සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොන්ත්‍රාත් වෛද්‍යවරයකු ලෙස අදාළ රෝහල තුළ කටයුතු කර ඇති මෙම වෛද්‍යවරයා විවාහයට පෙර සිදුකරනු ලබන පූර්ව විවාහ රූගත කිරීමක් (ප්‍රී ශූට්) මෙලෙස සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අභිෂේක් නැමැති මෙම වෛද්‍යවරයා ව්‍යාජ රෝගියෙකුගේ උදරයේ සැත්කමක් සිදුකරන ආකාරයත්, වෛද්‍යවරයාගේ පෙම්වතිය සැත්කමට උදව්කරමින් ශල්‍ය මෙවලම් ඔහුට සපයන ආකාරය සමාජ මාධ්‍යට එක්කළ වීඩියෝවක දැක්වෙනවා.

අදාළ වීඩියෝව සමාජ මාධ්‍යයේ සංසරණය වීමත් සමඟ දිස්ත්‍රික් පරිපාලනය විසින් අදාළ වෛද්‍යවරයා ඊයේ (09) මෙලෙස සේවයෙන් පහකළ ඇති බවයි වාර්තා වන්නේ.

රජයේ රෝහල්වලට රජයෙන් ලබා දෙන පහසුකම් සාමාන්‍ය ජනතාවගේ සෞඛ්‍ය සේවාව සඳහා බව දැනගෙන රාජකාරිය ඉටු කිරීමට සියලු දෙනාම අවධානය යොමු කළ යුතු බවයි චිත්‍රදුර්ගා සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ.

7
8
9
  1. තමන් කරන job එක concept එකක් විදිහට භාවිතා කරගෙන මේ වගේ shoots ගොඩක් වර්තමානයේ කෙරෙනවා.කාටවත් හානියක් නැතිව මේ දේවල් වෙනවම් මං නම් ඒකෙ වැරැද්දක් දකින්නෙ නෑ..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14