රොටී, පරාටා, බිත්තර රොටී ඇතුළු කෙටි ආහාරවල මිල රුපියල් 5.00කින් ඉහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
මෙම මිල වැඩි කිරීමට අද (29) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බවයි එම සංගමය සඳහන් කළේ.
තිරිඟු පිටි සමාගම් විසින් අද (29) සිට තිරිඟු පිටි රුපියල් 17කින් ඉහළ දැමීමට කටයුතු කිරීමත් සමඟ මෙම තීරණයට එළඹි බවයි සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පැවසුවේ.













