රුසියාව සහ යුරෝපයට නව කොරිඩෝවක් –  ඉන්දියාව, ඉරානය සහ ආර්මේනියාව එකඟතාවකට එයි

උතුරු-දකුණු ප්‍රවාහන කොරිඩෝව පුළුල් කරමින් රුසියාව හා යුරෝපය සම්බන්ධ කරන තවත් කොරිඩෝවක් නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව, ඉරානය සහ ආර්මේනියාව යන රටවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ආර්මේනියානු අගනුවර යෙරෙවන්හි දී රැස් වී තිබෙනවා.

දූත පිරිස මෙහෙයවනු ලැබුවේ ආර්මේනියාවේ නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, ඉරානයේ විදේශ අමාත්‍යවරයාගේ සහකාරවරයා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ  සම ලේකම්වරයා විසින්.

නව දිල්ලිය සමඟ ඇති සබඳතා මූලෝපායික මානයක් අත්පත් කර ගනිමින් සිටින ආර්මේනියාව, රුසියාව සහ යුරෝපය සමඟ ඉන්දීය වෙළඳුන් සම්බන්ධ කිරීම සඳහා උතුරු-දකුණු ප්‍රවාහන කොරිඩෝවට සමාන්තරව ඉරානය හරහා පර්සියානු ගල්ෆ්-කළු මුහුද කොරිඩෝව යෝජනා කර ඇති බව පසුගිය මාර්තු මාසයේදී වාර්තා වුණා.

පසුගියදා පැවති රැස්වීමේදී, ආර්මේනියානු විදේශ අමාත්‍යාංශය ත්‍රෛපාර්ශ්ව ආර්ථික ව්‍යාපෘති සහ කලාපීය සන්නිවේදන මාර්ග පිළිබඳ වැඩි අවධානයක් යොමුකර තිබෙනවා.

එසේම  සංස්කෘතිය හා මිනිසුන් අතර සම්බන්ධතා ගැඹුරු කිරීමේ අපේක්ෂාවන් මෙන්ම විවිධ ක්ෂේත්‍රවල ත්‍රෛපාර්ශ්වික සහයෝගීතාව පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ, සඳහා අඛණ්ඩ උපදේශනපැවැත්වීමට රටවල් තුනම තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ආර්මේනියානු අමාත්‍යවරුන්ගේ සංචාර කිහිපයක් සහ යෙරෙවන් වෙත ඉන්දියාවේ ආරක්ෂක අපනයනයන්  ඉහළ යෑමත් සමඟ ආර්මේනියාව සමඟ ඉන්දියාවේ සබඳතා පුළුල්  වෙමින් තිබෙනවා.

ඉන්දියාව සහ ඉරානය අතර  ද ඓතිහාසික සබඳතා පවතින අතර උතුරු-දකුණු ප්‍රවාහන කොරිඩෝව සහ චබහාර් වරාය කෙරෙහි ඔවුන්ගේ විශේෂ අවධානයක් යොමු  කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ චබහාර් වරාය සංවර්ධනය සඳහා ආධාර කිරීමට ඉන්දියාව ඩොලර් මිලියන 25ක් වටිනා උපකරණ ලබා දී ඇති අතර ජංගම දොඹකර හයක් ද  ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

මෙම වරාය ඉන්දියාව,මධ්‍යම ආසියාව සහ ඇෆ්ගනිස්ථානයට ප්‍රවේශ වීමට දොරටුවක් ලෙස ක්‍රියා කරනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:01
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53
Video thumbnail
උද්ඝෝෂණ කරලා වතුර ගැ#වම හැංගිච්ච කෙනෙක්නේ ජනපතිතුමා - මෙයා හෙල්ලිලා යන්නේ..බයවෙලා
03:00
Video thumbnail
JVPට බඩේ අමාරුවක් හැදුනත් පාරට බැස්සා - වී ගොවියා වෙනුවෙන් වැඩිපුරම පාරට බැස්සේ JVP එක
06:17