රිලවුන් එලවන්න ගොවීන්ට වායු රයිෆල්

රිලවුන් පලවා හැරීම සඳහා ගොවීන් වෙත මේ වසරේදී වායු රයිෆල් දහසක් නිකුත් කරන බව ශ්‍රී ලංකා හද බිම අධිකාරියේ සභාපති සරත් චන්ද්‍රසිරි විතාන පවසනවා.

වන සතුන්ගෙන් සිදුවෙන හානි වලක්වා ගැනීම සඳහා කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර කළ ඉල්ලීමකට අනුව මෙම වායු රයිෆල් නිකුත් කරන බව හදබිම අධිකාරිය කියයි.

වගාවන්ගෙන් සියයට 30-40 අතර ප්‍රමාණයක් රිලවුන්, වඳුරන්, දඬු ලේනුන් හා මොනරුන් නිසා හානියට පත්වන බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනය කළ පර්යේෂණවලින් සනාථ වී තිබෙනවා.

2023 වසරේ සිට ගොවි ජනතාවට සියයට 50ක ණය සහන පදනම යටතේ වායු රයිෆල් ලබා දීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා හදබිම අධිකාරිය සඳහන් කර සිටී.

පසුගිය වසරේ දී වායු රයිෆල් 750ක් ගොවීන් වෙත නිකුත් කර ඇති අතර එම වැඩ පිළිවෙලේ සාර්ථකත්වය අනුව මෙම වසරේ වායු රයිෆල් 1000ක් නිකුත් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා හදබිම අධිකාරියේ සභාපතිවරයා වැඩි දුරටත් කියා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ ජීවිතේ වටිනා වස්තුවක් ප්‍රියංකර - ඒ සුන්දරත්වය දකින නළුවෙක් ආයේ මේ කාලයේ නම් දකින්න නෑ
02:47
Video thumbnail
ප්‍රියංකර තමයි දන්නේ ඔහු විඳපු දුක - ඔහු ඒ සතුට සොයන් ගියා..ගායන ශිල්පී නලින්ගෙන් පිටවූ සංවේදි වදන්
03:07
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි
01:34
Video thumbnail
ජනාධිපති අනුර ප්‍රියංකර පෙරේරාට අවසන් ගෞරව දක්වයි - පවුලේ අය එක්ක දුක බෙදාගත්ත හැටි
01:50
Video thumbnail
ප්‍රියංකරට සමුදෙන්න ආ අර්ජුන රණතුංග ඉදිරියේ සංවේදී වූ දිල්හානි - සුජාතා අත්තනායකත් එයි
01:03
Video thumbnail
ප්‍රියංකරගේ වෙන්ව යාම දරාගත නොහැකිවූ දිල්හානි..
00:08
Video thumbnail
ප්‍රියංකර සොහොයුරා කියලා මම කියන්නේ..ඉතා ළඟ සම්බන්ධකම් තිබ්බා - තමන්ටම අනන්‍යතාවයක් හදාගත්තා
03:43
Video thumbnail
ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ආණ්ඩු ප්‍රබලයින් රැසක් එයි - පවුලේ අය සමඟ දුක බෙදාගත් අයුරු
00:59
Video thumbnail
ලංකා ඉතිහාසයේ කිසිම දිනක ගොවියන්ට ලබා නොදුන් සහන දුන්නා - රු.මිලියන 7500ක් වෙන්කලා වී මිලදී ගන්න
04:02
Video thumbnail
සංවර්ධිතම රාජ්‍ය කරන්න ඔය මන්නාරම් ද්‍රෝණියේ ව්‍යාපෘතියම ඇති - සියලුම ණය ගෙවන්න පුළුවන්
02:28