රාජ්‍ය සේවයේ වැටුප් සහ වෘත්තීයභාවය ඉහළ නැංවීමට අදාළ වාර්තාව සැකසේ

රාජ්‍ය සේවය සඳහා විධිමත් වැටුප් ව්‍යුහයක් සකසා ගැනීම හා වෘත්තීයභාවය ඉහළ නැංවීම උදෙසා අවශ්‍ය සැලැස්මක් සහ විධිමත් ආයතනයක් ස්ථාපිත කිරීම සඳහා වන යෝජනා සහ අදහස් ඇතුළත් අනුකාරක සභා අතුරු වාර්තාවක්, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යංශයේ උපදේශක කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

එම අමාත්‍යංශයේ උපදේශක කාරක සභාව පෙරේදා (13) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී ඒ සඳහා පත් කළ අනුකාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි විසින් මෙම වාර්තාව භාර දී තිබුණා.

ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ පළාත් පාලන ආයතනවල පවතින ගැටලු සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් යොමු කළ කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීමට කාරක සභා සභාපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දීම ද සිදුවුණා.

එසේම , රාජ්‍ය සේවයේ වසර දහයකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් බවට පත්වූ පුද්ගලයන්ට එම මන්ත්‍රීධුරයට පැමිණීමට පෙර ඔවුන් සේවය කළ තනතුරට අදාළ විශ්‍රාම වැටුප් හිමි කර දීම පිළිබඳව ද මෙහිදී යෝජනා වී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස සිය රජයේ රැකියාව අතහැර පැමිණෙන මන්ත්‍රීවරයෙකු හට, මන්ත්‍රී විශ්‍රාම වැටුප ද හිමි නොවන බැවින් මේ සම්බන්ධයෙන් සළකා බැලීමේ අවශ්‍යතාව පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඉදිරියේ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත් ඒ අනුව සිය අවධානය යොමු කිරීමට අපේක්ෂා කරන බවත් කාරක සභා සභාපතිවරයා පෙන්වා දී තිබෙනවා.

රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් සේවා ව්‍යවස්ථා, බඳවා ගැනීම් පටිපාට සහ උසස් කිරීමේ පටිපාටි වල සඳහන් කාර්යක්ෂමතා කඩයිම් ලකුණු සීමා වෙනස් කිරීම හේතුවෙන් රාජ්‍ය සේවය තුළ ව්‍යාකූල තත්ත්වයක් මතුව තිබෙන බවට මෙහිදී සාකච්ඡා වී ඇති අතර එම ගැටලුව සම්බන්ධයෙන් ද නැවත සලකා බැලීමට කටයුතු කරන බවට අමාත්‍යංශ නිලධාරීන් සඳහන් කළා.

මෙම කාරක සභාව සඳහා පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය පී. රුවන් සෙනරත් , කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරු ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෙයාලා යන්නෙත් රනිල් එලපු IMF කාපට් එකේ - මාලිමාව පිටිපස්සේ තියෙන්නේ JVPයJVPය පිටිපස්සේ තව කට්ටියක්
06:12
Video thumbnail
දේශපාලකයෝ හිරේ දැමීමේ හේතුව දයාසිරි කියයි ?අවු:2ට හිරේ දැම්මම අවු:7ක් දේශපාලනය කරන්න බැ
03:45
Video thumbnail
රූලට යට තමයි දැන් හැමදේම වෙන්නේ - අහිංසක මිනිස්සු හිරබත් කනවා..චාමරට යකා නගියි
02:20
Video thumbnail
කොට්ටහච්චිට කාන්තාවක් සැරටම දෙසයි - අපි වැහිලා ඉන්නකල් එයාලා පීක් වෙනවා..
02:07
Video thumbnail
චාමර බන්ධනාගාර සිද්ධිය ගැන කට අරියි - අපේ කාලේ නම් මාලිමාව රෙදි නැ#ව දඟලන්නේ
01:51
Video thumbnail
බිඳුනුවැව පරිශ්‍රයේ යෝධ නිදිකුම්බාවලට ෆුල් සුද්දයක් දුන්න හැටි - බැකෝ ගෙනල්ලා වටේම සුද්ද කරයි
06:08
Video thumbnail
තරුණ කටයුතු නි.ඇමතිට ඇන්ටිලා දුන්න ටෝක් එක ?"හොඳ කරත් බැනුම් අහනවා..නරක කරත් බනිනවා.."
07:13
Video thumbnail
මන්ත්‍රී කොට්ටහච්චිගේ ප්‍රධානත්වයෙන් පානදුරේ සිදුකළ අත්තම..ගැම්මට උපදෙස් දුන්න හැටි
08:01
Video thumbnail
නාමල් හැසිරෙන්නේ මැ#ර නායකයෙන් වගේ - චණ්ඩි පාට් මැදමුලනේ දාගන්න..අපි බය නෑ
03:40
Video thumbnail
ශෂීන්ද්‍ර රාජපක්ෂගෙන් ආණ්ඩුවට සත්තමක් - දුර්වල ආණ්ඩුවක්නේ..විරුද්ධවෙන මිනිහා හිරේට දානවා
01:41