රාජ්‍ය බැංකුවක නිලධාරීන්ට උසස්වීම් ලබාදීම වළක්වමින් වාරණයක්

මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කරයි.

විත්තිකාර බැංකුවේ උසස් වීම් ලබාදීම සඳහා පැවැත්වූ තරග විභාගය දෝෂ සහිත හා අසාධාරණ බවට බැංකු සේවකයකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය අද (18) නිකුත් කළා.

පැමිණිලිකාර බැංකු සේවකයා සඳහන් කරන්නේ පසුගිය ජුනි මස 09 වැනි දින බැංකුවේ සේවකයින්ට උසස්වීම් ලබාදීම සඳහා පවත්වන ලද තරග විභාගය නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වා ඇති බවයි.

තරග විභාගයට ඉදිරිපත් කළ සිංහල ප්‍රශ්න පත්‍රයේ භාෂා දෝෂ තිබෙන බවත්, අංක ගණිතය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න නිවැරදි නොවන බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා තරග විභාගයේ ලකුණු පදනම් කරගනිමින් උසස් වීම් පිරිනැමීම වළක්වමින් අදාළ බැංකුවට දින 14ක වාරණ නියෝගයක් නිකුත් කළා.

ලබන ජුලි 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට විත්තිකාර බැංකුවට නොතීසි ද නිකුත් කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාලිමාවේ නායකයින් දැන් යට ඇඳුම් පිටින් ඉන්නේ
10:54
Video thumbnail
වැඩි මිලට හාල් විකුණන්න නම් ලෑස්ති වෙන්න එපා - නාමල් කූඨ වෙළෙඳුන්ට සැර වෙයි
03:40
Video thumbnail
සංවිධානාත්මක අ#රාධකරුවන් ‍රැසක් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට විශේෂ වැඩපිළිවෙලක්
02:00
Video thumbnail
හොරකම් කළේ අම්මා අප්පා වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
06:14
Video thumbnail
රාජිත පුතාට නහුතෙටම තදවෙයි
06:19
Video thumbnail
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය දුමින්ද දිසානායකට ඇප
01:48
Video thumbnail
පද්මේ සහ සලින්ත එක්ක කෝල් කතා කළ මාධ්‍යවේදියාට වැඩ වරදියි..?
17:04
Video thumbnail
අතුරුදන් වූ රාජිතට වැඩ වරදියි ද..
00:50
Video thumbnail
ෆොන්සේකා සජිත්ගේ පලු අරී - පතාක යෝධයෝ හැමෝම දාලා ගියා
14:41
Video thumbnail
යාපනය ශික්ෂණ රෝහල බලන්න ආ ඇමති නලින්දට හැමෝගෙම ආදරේ හම්බුණ හැටි
01:29


?