රාජ්‍ය බැංකුවක නිලධාරීන්ට උසස්වීම් ලබාදීම වළක්වමින් වාරණයක්

මෙරට රාජ්‍ය බැංකුවක බැංකු නිලධාරීන්ට උසස් වීම් ලබා දීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා නිකුත් කරයි.

විත්තිකාර බැංකුවේ උසස් වීම් ලබාදීම සඳහා පැවැත්වූ තරග විභාගය දෝෂ සහිත හා අසාධාරණ බවට බැංකු සේවකයකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණ නියෝගය අද (18) නිකුත් කළා.

පැමිණිලිකාර බැංකු සේවකයා සඳහන් කරන්නේ පසුගිය ජුනි මස 09 වැනි දින බැංකුවේ සේවකයින්ට උසස්වීම් ලබාදීම සඳහා පවත්වන ලද තරග විභාගය නීත්‍යනුකූල නොවන ආකාරයෙන් පවත්වා ඇති බවයි.

තරග විභාගයට ඉදිරිපත් කළ සිංහල ප්‍රශ්න පත්‍රයේ භාෂා දෝෂ තිබෙන බවත්, අංක ගණිතය සඳහා ඉදිරිපත් කළ ප්‍රශ්න නිවැරදි නොවන බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල ගොනුකර තිබෙනවා.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා තරග විභාගයේ ලකුණු පදනම් කරගනිමින් උසස් වීම් පිරිනැමීම වළක්වමින් අදාළ බැංකුවට දින 14ක වාරණ නියෝගයක් නිකුත් කළා.

ලබන ජුලි 02 වැනිදා අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසට විත්තිකාර බැංකුවට නොතීසි ද නිකුත් කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26