ලබන සඳුදා සිට එළඹෙන්නේ තීරණාත්මක සතියක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.
ජුනි 14 වන දිනට පසුව සංචරණ සීමා ඉවත් කළ හැකි වන්නේ එම සතියේ තත්ත්වය අනුව බවයි ‘ස්වර්ණවාහිනී පත්තරේ ‘ වැඩසටහනට සජීවීව දුරකතනයෙන් එක් වෙමින් ඔහු කියා සිටියේ.
එම සතිය හරිහැටි ගත කළොත් ජුනි 14 වන දින සංචරණ සීමා ඉවත් කිරීමට හැකි වනු ඇති බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විශ්වාසය පළ කළා.
“රට වහල තියෙන්නේ ජනතාවගේ ප්‍රශ්න නොදැන නෙමෙයි.සමහරු හිතනවා නම් අපි හොරට හරි වැඩ කළොත් හොඳයි කියලා එහෙම වැඩ කරලා දිගටම අපිට වැඩ නොකර ඉන්න වෙයි.සංචරණ සිමා වලට අනුගතව සිටිය හොත් 14වන දිනට පසු දිගටම වැඩ කිරීමේ හැකියාව ලැබේවි .” යනුවෙන් ඔහු සඳහන් කර සිටියා.