වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන ජනාධිපතිවරයා විසින් පත් කරන ලද වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවේ සාමාජිකයන්ට පත්විම් ලිපි ප්‍රදානය කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායකගේ ප්‍රධානත්වයෙන් අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුවුණා.

මෙහිදී කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් සහ එහි සෙසු සාමාජිකයන් වන විනිසුරු (විශ්‍රාමික) කේ. කේ. ඒ. වී. ස්වර්ණාධිපති, එන්.බී.එම්. රණතුංග, වෛද්‍ය ආර්.ඩබ්. ජයන්ත, ආචාර්ය ජී.එම්. මුදිත් සුජීව, බ්‍රිගේඩියර් (විශ්‍රාමික) බී.ජේ. ප්‍රනාන්දු, ඒ.එල්. මොහොමඩ් මුක්තාර්, එස්.ටී.බී. රත්නායක, ඒ.ඩබ්. ලාල් චන්ද්‍ර වීරකෝන්, ජී.ඒ.පී. පත්මනාත, කේ. සරත් ලාල් පෙරේරා සහ කොමිෂන් සභාවේ ලේකම් ඩී.එම්.සී. නාලක දිසානායක යන සාමාජිකයින් ඊට අදාළ පත්වීම් ලිපි ලබා ගත්තා.

රාජ්‍ය නිලධරයන්ගේ සහ විශ්‍රාමිකයන්ගේ වැටුප් සහ විශ්‍රාම වැටුප් පිළිබඳව පවතින ගැටලුවලට විසඳුම් ලබා දීම මූලික කරගෙන 2026.06.22 දිනැති අංක 2494/05 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් වැටුප් සහ විශ්‍රාම වැටුප් කොමිෂන් සභාවක් ස්ථාපනය කිරීමට පසුගියදා කටයුතු කර තිබුණා.

  1. පත්විම ගත්තා වගේ නොවේ AKD වැඩි කරපු විශ්‍රාමිකයන් ගෙ ඇති නැති පරතරය හරි ගස්සවා දෙන්න වේවි මේ පාර වේතන වැඩි කිරිමෙන් උනේ හිතාගන්න බැරි විදියට ඇති නැති පරතරය වැඩි උන එකනේ ඒක නිසා ඔය aththothwath හරි experienced තියන උදවිය ගෙන් advice ගන්න AKD ta advice දුන්න මහින්ද Jayasinghe ගාව ගන්නවත් එපා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17