රජයේ අවසරයකින් තොරව රජයේ දේපල එහා මෙහා වීමේ තවත් තැනක්

විදුලි බල මණ්ඩලයට අයත් නුවරඑළිය – ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ඉදිකිරීම සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සූත්‍ර රජයේ රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියා ගත් පුද්ගලයෙකු විසින් එම ස්ථානයෙන් රැගෙන යමින් සිටින බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ රංජිත් විතානගේ මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙසේද සදහන් කර සිටී.

පොල්පිටියේ පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතිය ලංකා විදුලි බල මණ්ඩලයට අයත් එකකි.මෙම ව්‍යපෘතියේ ඉදිකිරීම් කටයුතු බාරව සිටිනුයේ පුද්ගලික ආයතනයක් විසිනි.එම ව්‍යාපෘතිය කරගෙන යාම සදහා අවශ්‍ය වාහන සහ යන්ත්‍ර සූත්‍ර පිටරටවල් වලින් මෙරටට ගෙන්වීමේදී රජය විසින් බදු සහන ලබා දී ඇත.ඒ ආකාරයට රජය විසින් කිසියම් බදු සහනයක් ලබා දී මෙරටට ගෙන්වනු ලබන යන්ත්‍ර සූත්‍ර සහ උපරඛන වල අයිතිය රජය සතු වේ.ඒ අනුව රජය විසින් බදු සහන ලබා දී මෙරටට ගෙන්වන ලද කිසිදු දෙයක් රජයේ අවසරයකින් තොරව බැහැර කිරීමට කිසිවෙකුට අවසරයක් නැත.

පසුගිය සැප්තැම්බර් මස 20 වෙනිදා ගිනිගත්හේන පිහිටි බ්‍රෝඩ්ලන්ඩ් ජල ව්‍යාපෘතිය ඉදිකරමින් පවතින ස්ථානයට ගොස් ඇති රාජ්‍ය ඇමතිවරයාගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයා එම ස්ථානයේ තිබූ යන්ත්‍ර සූත්‍ර සහ වාහන ඉවත් කිරීම ආරම්භ කර ඇත.මේ සම්බන්ධයෙන් පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය විසින් පොල්පිටිය පොලීසියට පැමිණිල්ලක්ද ගොණු කර ඇත.එසේ තිබියදීද අදාල පුද්ගලයා තවමත් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සදහා ගෙනවිත් තිබූ වාහන සහ යන්ත්‍ර සුත්‍ර කිසිදු බාධවකින් තොරව ඉවත් කරමින් සිටින බවක්ද දැන ගන්නට ඇත.මේ අකාරයට යන්ත්‍ර සුත්‍ර ඉවත් කරන පුද්ගලයා මීට පෙර රැකියා ලබා දෙන බව පවසමින් විවිධ පුද්ගලයින්ගෙන් මුදල් වංචා කර ඇති පුද්ගලයෙකු බවද දැන ගන්නට ඇත.

ශ්‍රී ලංකාව බංකොලෙත් වීමට හේතුව රජය විසින් මේ වන විට සොයමින් සිටී.එවන් වාතාවරණයක් තුළ රාජ්‍ය ඇමතිවරයෙකුගේ ලේකම්වරයෙකු යැයි කියන පුද්ගලයෙක් මේ ආකාරයට රාජ්‍ය දේපල මහ දවල් කොල්ලකෑමත්, වගකිව යුතු කිසිවෙකු ඒ සම්බන්ධයෙන් කටයුතු නොකිරීමත් හාස්‍යයට කරුණක් වී ඇත.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44