යල කන්නයට අවශ්‍ය යුරියා පොහොර සඳහා බිලියන 10ක්

2023 ඉදිරි යල කන්නයේ වී වගාව හා බඩඉරිගු වගාව සඳහා අවශ්‍ය යුරියා පොහොර මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මේ වනවිටත් ලංකා පොහොර සමාගම හා කොමර්ෂල් පොහොර සමාගම්වලට අයත් ගබඩා සතුව යුරියා පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් පවතිනවා.

ඊට අමතරව තවත් මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීමටයි කටයුතු යොදා ඇත්තේ.

එම යුරියා පොහොර තොගවලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 25,000ක් මිල දී ගැනීම සඳහා මෙම රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට තීරණය කර තිබෙනවා.

යුරියා පොහොර මෙට්‍රික් ටොන් ලක්ෂයක සංචිතයක් පවත්වා ගැනීම මගින් යල කන්නයේ වී වගාව, බඩඉරිඟු වගාව මෙන්ම අනිකුත් බෝග වගාවන් සදහා අවශ්‍ය යුරියා පොහොර ලබා දීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා පැහැදිළි කරනු ලැබුවා.

2023 යල කන්නයේ දී වී වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ග තුනම එනම්- TSP (මඬ පොහොර) , MOP (බන්ඩි පොහොර) සහ යුරියා පොහොර හිඟයකින් තොරව ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කර තිබෙනවා.

ඒ අනුව මූලික පොහොර හෙවත් මඬ පොහොර යල කන්නය ආරම්භයේ දීම සියලු වී ගොවීන්ට වගාවට අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමට කටයුතු යොදා ඇති අතර එම පොහොර නැව මෙම මස මැද දී කොළඹ වරායට ළඟාවීමට නියමිතයි.

එහි මඬ පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් අඩංගු වනවා.

මීට අමතරව බන්ඩි පොහොර හෙවත් MOP පොහොර මෙට්‍රික් ටොන් 35,000ක පමණ අතිරික්තයක් පොහොර සමාගම් සතුව පවතිනවා.

යුරියා පොහොර ද මෙට්‍රික් ටොන් 60,000ක පමණ සංචිතයක් මෙම මස අග වනවිට පවත්වා ගනු ලබන අතර වෙන් කරන ලද රුපියල් බිලියන 10ක මුදල යටතේ මිල දී ගැනීමට නියමිත යුරියා පොහොර සමග මෙට්‍රික් ටොන් ලක්ෂයකට ආසන්න සංචිතයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා.

එම නිසා 2023 යල කන්නයේ දී වී ගොවිතැන සඳහා අවශ්‍ය සියලු පොහොර හිඟයකින් ලබා දීමට පියවර ගන්නා බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

මීට අදාළ ප්‍රසම්පාදන කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙස ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25
Video thumbnail
ඇමති බිමල් - විපක්ෂ නායක සජිත්ව අගයයි - මාස 6කට කළින් ඉදිරිපත් කරලා..උනන්දුව අගය කරනවා
03:06
Video thumbnail
දයාසිරි පාර්ලිමේන්තුවේ උණුසුම් වෙයි - "ඔයාට අහගෙන ඉන්න බැරිනම් එළියට යන්න"
05:54