යල්පැනගිය ආර්ථික ක්‍රමවේද වෙනුවට ශක්තිමත් ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ජනපති කියයි

ශ්‍රී ලංකාවට අවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණයක් නොව 2050ට මුහුණ දිය හැකි ශක්තිමත් නව ආර්ථික ක්‍රමවේදයක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කරනවා.

යල් පැනගිය ආර්ථික ක්‍රම මඟින් මෙරට ආර්ථිකය ගොඩගැනීමට නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා, ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට පළමුවත්, දෙවනුවත්, තෙවනුවත් අවශ්‍ය වන්නේ විදේශ විනිමය උපයා ගැනීම බවයි පවසන්නේ.

ලංකා වාණිජ මණ්ඩලය විසින් ඊයේ (05) පවත්වන ලද “2022 ආර්ථික සමුළුව ” අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සඳහන් කර සිටියා.

රට ගොඩගත හැකි නව ආර්ථික ක්‍රමවේදයක් හඳුන්වාදීමට මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.

දැනට ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් ණය ප්‍රතිව්‍යුගතකරණයේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා ඉන්දියාවත් සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා සාර්ථක බවයි පැවසුවේ.

චීනය සමඟ පැවැති ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ඡා ප්‍රමාද වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සමුළුව පැවැති නිසා බවත්, මේ වන විට එම සමුළුව අවසන් ව ඇති බැවින් එම සාකච්ඡා කඩිනම් වනු ඇති බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

ලබන වසරේදී චීනය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ ජනාධිපතිවරයා චීනය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් විරුද්ධත්වයක් නොමැති බව ද පැවසුවා.

ඒ, අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ කාර්ය මණ්ඩල ණය මුදල ලබන වසරේ දී ලබාගැනීමට හැකියාවක් ලැබෙනු ඇතැයි ද ජනාධිපතිවරයා විශ්වාසය පළකර සිටියා.

අනාගතය සඳහා හරිත හයිඩ්‍රජන් අංශය කෙරෙහි ශ්‍රී ලංකාව වැඩි අවධානයක් යොමු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා සූර්ය බලශක්ති කර්මාන්තයට වඩා විශාල විභවයක් ඇති හරිත හයිඩ්‍රජන් කෙරෙහි පෞද්ගලික අංශය අවධානය යොමු කළ යුතු බවයි ඔහු සඳහන් කළේ.

ඉඩම් නීති ද නැවත සලකා බලා ආයෝජකයන්ට වඩාත් ප්‍රවේශ විය හැකි පරිදි පවතින නීති වෙනස්කම් සිදු කළ යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කළා.

ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පහසුවෙන් පරිවර්තනය කළ හැකි බවත් ඒ සඳහා දූරදර්ශී පියවර ගනිමින් සිටින බවත් පැවසූ ජනාධිපතිවරයා, පළමුව කොළඹ වරාය ජාඇළ දක්වා දීර්ඝ කිරීමට සැලසුම් කරන බවත් දෙවනුව කොළඹ නගරයේ අක්කර 30කට වැඩි ප්‍රමාණයක් වරාය සංවර්ධනය සඳහා වෙන් කර තිබෙන බවත් අනාවරණය කළා.

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සංවර්ධනය සඳහා ලබාදිය යුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ජපානය පළමුවෙන්ම එම කටයුත්ත සඳහා සම්බන්ධ වූ බවත් සිහිපත් කර සිටියා.

කෙසේ වුවත් දැනට සිදුකරන ආකාරයට කුඩා වරායක් පවත්වාගෙන යාමෙන් ආර්ථිකයට විශාල සේවයක් සිදු නොවන බවත්, උපායමාර්ගික ලෙස වරාය ප්‍රවර්ධනය කර ශ්‍රී ලංකාව ප්‍රධාන සැපයුම් මධ්‍යස්ථානයක් බවට පත් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?