මොරටුව, රාවතාවත්තේ වෙඩි තැබීමක්

මොරටුව පොලිස් වසමේ අද (09) වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

අද රාත්‍රී 07ටපමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

මොරටුව, රාවතාවත්ත, එමානුවෙන් මාවත ප්‍රදේශයේ දී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ත්‍රිරෝද රථ රියදුරෙක් ඉලක්කකර මෙම වෙඩි තැබීම සිදුකර තිබෙනවා.

කෙසේ වෙතත් එම වෙඩි තැබීමෙන් ඔහුට තුවාල සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

මෙලෙස වෙඩි ප්‍රහාරට ලක්ව ඇත්තේ මොරටුව නගර සභාවේ සේවය කරන අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිස් විසින් වැඩිදුර විමර්ශ සිදු කරනු ලබනවා.