“මේ ළමයව අසරණ වෙන්න ඇරපු මේ ගෑනු ළමයගෙ දෙමව්පියො නෑදෑ හිතවත්තු සේරම කුරුසෙ ඇණ ගහන්න ඕනි”

 ඉතාලියේ ඝාතනය සම්බන්ධයෙන් ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකික කාන්තාවක් මෙවැනි සටහනක් තබා තිබුණා.එම සටහන පහතින් බලන්න….

අද වෙරෝනා නගරෙ දරු​වො දෙන්නෙක්​ගෙ ජීවිතේ නැති කරපු ලාන්කික අම්ම​ව ඒ කිට්ටුවෙ ගඟේ හොයනවා කියල නිව්ස් වල තියනවා මෙහෙ.දරුවො හිටපු සහන නිවා​සේ කාමරේ කිසිම කලබලයක ලක්ශන පේන්න නැති නි​සා දරුවන්ගෙ ජීවිතේ නින්දෙදි නැති කරන්​න ඇති කියල පොලිසිය සැක කරනවා,[හෙට පස්චාත් මරණ පරික්ශනයෙන් දරුවන්ව මරණයට පත් කලේ කොහොමද කියලා එලිවේවි.]

මෙහෙ පොලිසිය හිතනවා දරුවන්ගෙ ජීවිතේ නැති කරලා අම්මා සියදිවි නසාගන්න ඇති කියලා[ඒක එහෙමමයි කියලා තවම තීරනය කරලා නෑ.සමහරවිට අම්ම ජීවතුන් අත​ර ඉන්නත් පුලුවන්.ඒත් පොලිසිය තදින් සැක කරනවා අම්ම සියදිවි නසාගෙන ඇ​ති කියලා] වෙරෝ​නා පොලිසි​ය පොලිස් සුනඛයි​න් සහ හෙලිකොප්ට​ර් යොදාගෙන හොයන්න පටන් අරන් තියනවා අම්මව.

ළම​යි දෙන්නගෙ තාත්තා මත් ද්රව්‍ය වලට ඇබ්බැහි උන අම්මට පහරදෙන ළමයින්ට හින්සා කරන කෙනෙක් නිසා වෙරෝනා උසාවියෙන් තීන්දු කරලා තියනවා එයාලා එකට ජීවත්වෙන එක නවත්තලා ළමයි දෙන්නව​යි අම්මයි ඉතාලියෙ වෙරෝනා නගරයේ තියන සහන නිවාසෙක නවත්තන්න තාත්තගෙන් වෙන්කරලා.[මෙහෙ Tg5 රෑ අටේ නිව්ස් වලට ඒක කිව්වා]

Casa famiglia කියලා ඉතාලි භාශාවෙන් හදුන්වන ඒ නිවාස වල ජීවත් වෙන්න කවුරු හරි කෙනෙක් එන්​නේ උසාවි නියෝග වලින් .ඒවා නඩත්තු වෙන්නේ ඉතාලි රජයෙ​න්.ඒ පරිවා​ස නිවාස වලට යොමුකරන හැමෝ​ම ඔය වගේම බිදුනු රිදුනු තැලුනු පවුල් වලින් ආපු අය.

ඒ නිසා ඒ සහන නිවාස අස්සේ ජිවත් වීම පිටින් පේන තරම්ම පහසු එකක් වෙන්නෙ නෑ.මට ඔය සිද්දියෙ දුක​ම හිතන කාරනේ මේ අම්ම ඔය සහන නිවාසෙ අවුරුද්දක් ඉදලා තියනවා.එයා තාම තරුන වයසෙ ඉන්න අම්මෙක්.ඉතින් අර වගේ සහන නිවාසෙක අවුරුද්දක් දරුවො දෙන්න එක්ක ඉන්නවා කියන්නෙ එයා හොඳ අම්මා කෙනෙක්.

හේතුව එයාට තිබුනා ළමයි දෙන්නව එතන නවත්තලා එලියට යන්න.ගිහින් රස්සාවක් හොයාගෙන පරන මනුස්සයව අතෑරලා අලුතෙන් ජීවිතේ පටන් ගන්න.ඒක කරන්න පහසු දෙයක්.හේතුව මෙහෙ ළමයි අපිට එපා නම් කිසිම අවුලක් නැතුව හදා ගන්න දෙන්න පුලුවන්.

අනිත් එක Casa famiglia වල ඉන්නකොට එතන එයාලව බලාගන්න ඉන්න මිනිස්සු නිරික්ශනය කරනවා අම්මලගෙ හැසිරීම.අම්මලගෙන් දරුවන්ට අනතුරක් වෙනව කියල හිතනවා නම් එයාලා එ ළමයි​ව හදාගන්න දෙනවා ඉතාලි පවුල් වලට .

ඒකට අම්මගෙ​න් අවසරය ඕනි නෑ.හේතුව බාලවයස්කාරයො අයිති අදිකරණය​ට.මේ සිද්දියෙදි එහෙම වෙලා නැහැ කියන්නේ ඒ අම්මා දරුවන්ට හොදින් සලකලා තියනවා.ඒ නි​සා ම​හා අනුකම්පාවක් දැනෙනවා ඒ අම්මා ගැන.මනුස්සයෙක් උදේ නැගිටලා එකපාරටම අද මම මගෙ දරුවො මරණවා කියලා හිතලා මරණ්නෙ නැහැ.කාලයක් දරාගත්ත ඉවසගත්ත පීඩනය ඔය පුපුරලා යන්න ඇත්​තේ.ඒ නිසා දරුවො දෙන්න ගැන වගේම අම්මා ගැනත් අප්‍රමානව දුකයි.

අපිට ජීවිතේ මහා ලොකු දෙයක් උනා​ට තනි උන මනුස්සයෙක්ට අසරණ උන මනුස්සයෙක්ට තමුන්ගෙවත් අනුන්ගෙවත් ජිවිත මහා ලොකු නෑ කියලා හිතෙන වෙලාවක් එනවා.ආන් එතනට මනුස්සයෙ​ක් ආවට පස්සේ මෙන්න මෙහෙම සිද්දි අපි​ට අහන්න ලැබෙනවා.​මේ සිද්දියෙදි අපි මේ ගෑනු කෙනාව කුරුසෙ ඇණ ගහනවා නම් එයා එක්ක පේලියට එයාගෙ මත්ද්ර්වය වලට ඇබ්බැහි උන ස්වාමි පුරුශයා ස්වාමි පුරුශයා ඒ තත්වෙට පත්වෙන එක වලක්ව ගන්න බැරි උන ස්වාමිපුරුශයගෙ දෙමව්පියො තමුන්ට කවුරුත් නෑ කියලා හිතෙන තැනට​ම මේ ළමයව අසරණ වෙන්න ඇරපු මේ ගෑනු ළමයගෙ දෙමව්පියො නෑදෑ හිතවත්තු සේරම කුරුසෙ ඇණ ගහන්න ඕනි.

හේතුව මුලු මහත් සමාජයක් වටේ ඉන්නකොට ජීවිතේ භාගයක්වත් ගෙවලා නැති ගෑනු ළමයෙක් තමුන්ගෙ අත් දෙකින් තමුන්ගෙ දරුවො දෙන්නා මරණ තැනට පත්වෙන්නෙ එක රෑකින් නෙවෙයි.

ඒ රෑ එළඹෙන්න බොහොම කාලෙකට ඉස්සර ඉඳන් කා​ත් කවුරුවත් පිහිටට නැති කෙළවරක් නැති රෑවල් ඒ ළම​යා තනියම අඬලා තියනවා.එහෙම අඬලා අඬලා බිදුනු මිනිස්සු අන්තිමට කරන්නෙ මොනවද කියලා දැන් අ​පි දන්නවා.

ඒ නිසා තමුන් වටේ බිදුනු මනුස්සයෙක් ඉන්නවා නම් එයාට කරුනාවන්​ත වෙන්න.තමුන්ට උදව් කරන්න බැරි නම් උදව් කරන්න පුලුවන් කෙනෙක්ට ආයතනයකට සම්බන්ද කරන්න.මෙහෙම සිදුවීම් මග ඇරගන්න පුලුවන් එකම විදිහ ඒක​යි!!



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
19ව හැවිරිදි තරුණයා එළොව යැවූ බිහිසුණු ඛේදවාචකය
01:13
Video thumbnail
සුසිල්ටත් නොතේරෙන ඒකාධිපති පාලනය ?අපිට තේරෙන්නෙත් නෑ මිනිස්සුන්ට තේරෙන්නෙත් නෑ
03:55
Video thumbnail
බන්ධනාගාර සිදුවීම් හුදෙකලා සිදුවීම් නෙවෙයි - ආණ්ඩුවේ නොහැකියාව නෙවෙයි..යථාර්තය තේරුම් ගන්න
03:37
Video thumbnail
කොළඹ දිස්ත්‍රික් සැලසුම් කමිටුව රැස්වෙයි
02:36
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:18
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:14
Video thumbnail
දුවන්න එපා ඔහොමම හිටපන්
01:06
Video thumbnail
කොන්ක්‍රීට් කණු කඩාගෙන ගිය ලංගම බස් රථය
00:40
Video thumbnail
පාසල් ළමුන්ට විෂ මත්ද්‍රව්‍ය සහිත මදන මෝදක අලෙවිකල ජාවාරමක් කොටු - "එක රැලට ළමයි ගිහින් ඕක කන්නේ"
05:44
Video thumbnail
වලාන රජයේ රෝහලේ අඩුපාඩු සොයා බලන්න නිලධාරීන් නිරීක්ෂණ චාරිකාවක
02:51