මෙහෙකාර සේවයට ඇවිත් දවස් තුනෙන් බැංකු නිලධාරිනියකගේ ගෙදර සුද්ද කළ කත අත්අඩංගුවට

පොල්ගස්ඕවිට ප්‍රදේශයේ බැංකු නිලධාරිනියකගේ නිවසේ මෙහෙකාර සේවයට ගොස් එම නිවසින් ලක්ෂ 12ක පමණ රන් භාණ්ඩ සොරා ගත් කාන්තාවක් කැස්බෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස සොරාගත් රන් භාණ්ඩ උකස්කර මුදල් ලබාගත් බව කියන සැකකාරියගේ දියණියන් දෙදෙනා සහ පුතා ද අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

එලෙස සොරාගත් මුදු දෙකක්, කරාබු ජෝඩුවක්, පෙන්ඩනයක් සහ උණුකරන ලද වළලු පහක රත්තරන් පොලිසිය විසින් සොයා ගැනීමට හැකිව තිබෙනවා.

ඊට අමතරව හොරකම් කරන ලද රත්රන් උකස්කර ලබාගත් මුදල් වලින් මිලදී ගත් බව කියන අල්මාරියක් සහ රයිස් කුකරයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

බැංකු නිලධාරිනියගේ මිතුරියකගේ මාර්ගයෙන් බටකැත්තර ප්‍රදේශයේ පදිංචි සැකකාර කාන්තාව අදාළ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

එලෙස මෙහෙකාර සේවයට පැමිණ දින තුනක් වැනි කාලයක් තුළ සැකකාරිය විසින් මෙම සොරකම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකාර මෙහෙකාරිය සේවයට පැමිණ මාසයකට පමණ පසු කිසියම් පුද්ගලයකු පහත මහලේ පිහිටි බැංකු නිලධාරිනියගේ සහෝදරිය නවාතැන් ගෙන සිටි කාමරයේ සිට පිටතට දිව ගිය බවට නිවස හිමි බැංකු නිලධාරිනියට මෙහෙකාරිය විසින් මුසාවක් පවසා නොමඟ යවා තිබෙනවා.

ඊට දින කිහිපයකට පසු නිවස හිමි බැංකු නිලධාරිනියගේ සහෝදරිය ඇයගේ රන් භාණ්ඩ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී ඒවා නොමැති බවයි හෙළිව ඇත්තේ.

පසුව මේ සම්බන්ධයෙන් පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා මෙහෙකාරිය අත්අඩංගුවට ගෙන ඇයගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සිදුකළ සොරකම සම්බන්ධයෙන් අනාවරණය කර තිබෙනවා.

සැකකාරිය විසින් සොරාගත් රන් භාණ්ඩ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා ලවා මහරගම, පිළියන්දල  ආදී ප්‍රදේශවලට ගොස් උකස්කර තිබූ බවයි වැඩිදුරටත් අනාවරණය කරගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය සහ ඇයගේ දියණියන් දෙදෙනා සහ පුතා කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
3
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?