AFC Banner
AFC Banner
Empty Ad

මෙරට බෝ නොව රෝග වැළඳීමේ ප්‍රතිශතය ඉහළට

ගෙවී ගිය වසර 03 ක කාලය තුල ප්‍රාථමික සෞඛ්‍ය සේවාව විසින් මහජනතාව ලක්ෂ 12ක ගේ බෝ නොවන රෝග වැලඳීමට ඇති අවදානම පරීක්ෂා කර ඇති බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා පද්ධතිය සවිබල ගැන්වීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂක, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සදහන් කරයි.

කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ක්‍රියාත්මක කරන ප්‍රාථමික සෞඛ්‍ය සේවා ලබාදීමේ කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමේ අරමුණින් පැවති සාකච්ජාවකදී ඔහු මේ බව කියා සිටියේය.

ග්‍රාමීය ප්‍රදේශ ආශ්‍රිතව වැඩි වශයෙන් පිහිටුවා ඇති ප්‍රාථමික සෞඛ්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී පසුගිය වසර තුනක් තිස්සේ මහජනතාවගේ බෝ නොවන රෝග වලට ඇති අවදානම පරීක්ෂා කෙරින. රුධිර කොලෙස්ටරෝල් මට්ටම, රුධිරගත සීනි මට්ටම,රුධිර පීඩනය , උස සහ බර මැනීමේ කටයුතු මේ අනුව සිදු කර ඇත. ඒ ඒ සෞඛ්‍ය ආයතන වලට තමන් විසින් වග කියන ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් බැගින් වෙන් කර දී තිබේ. මහජනතාව අදාල ආයතනයට පැමිණ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර ගැනීම මෙන්ම අවදානම අධික වන අවස්ථාවලදී අවශ්‍ය උපදෙස්, ඖෂධ ලබා දීම මෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් වෙත යොමු කිරීමද සිදු කර ඇත.එම ආයතනවල පිහිටුවා ඇති “සුව දිවි සායන “ (HLC Clinics) මගින් මෙම පරීක්ෂාකිරීම් සිදුකර පරිගණකගත දත්ත පද්ධතියකට එම තොරතුරු ඇතුලත් කිරීම සිදුවේ.මේ අනුව පරීක්ෂාවට ලක් වූ මහ ජනතාව අතරින් බෝ නොවන රෝග වලට අධි අවදානමක් සහිත පුද්ගලයින්ගෙන් 15% ප්‍රතිශතයකට පමණක් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු කිරීමේ අවශ්‍යතාව මතුව තිබිණි.

රෝගී නොවී සිටීමට අවශ්‍ය ක්‍රමවේදය සම්බන්ධයෙන් නිසි උපදෙස් ලබා ගැනීමටත් ,යම් සුළු අවදානම් තත්වයක් ඇතිවූ අවස්ථාවලදී ඒ සම්බන්ධයෙන් කලයුතු ඉදිරි පිලිබඳවද ප්‍රාථමික වෛද්‍ය ප්‍රතිකාර ඒකක හා ප්‍රාදේශීය රෝහල්වලදී ලබාදීමේ ක්‍රමවේදයක් මේ වන විටත් ක්‍රියාත්මකය.අත්‍යවශ්‍ය අවස්ථාවලදී පමණක් අනෙකුත් රෝහල් වෙත යොමු කිරීම සිදුවේ. මේ ආකාරයෙන් තම තමන් දැනට පදිංචිව සිටින ග්‍රාම නිලධාරී වසම අයත් වන ප්‍රාථමික හෝ ප්‍රාදේශීය රෝහල වෙත ගොස් තමන්ට හිමි පුද්ගලික සෞඛ්‍ය අංකය ලබාගැනීමෙන් තමන්ට අවශ්‍යවන සෞඛය සේවා ලබා ගැනීමට හැකි බවද වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. සෞඛ්‍යමත් වීම වෙනුවෙන් දැනට මහජනතාව නිසි පරීක්ෂා කිරීමට පෙර වියදම් කරන මුදල් ඉතිරි කර ගැනීමටත් හැකිවන බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනේ දැන් ඕකනේ කරගන්න ඕන වුණේ - දැන් උසාවි තමයි පුතේ
04:32
Video thumbnail
මාලිමාවට බැනගෙන එද්දිම දිලුම්ගේ කට වස්සපු බලවේගය
08:10
Video thumbnail
රිපන් බාලිකාවෝ වැස්සේ හොඳට නටයි
03:03
Video thumbnail
ආරක්ෂක නියෝජ්‍ය ඇමති ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
18:38
Video thumbnail
අපි කෙඳිරි ගාන්නේ නෑ කියාගෙන මහින්දගේ දෙටු පුතා ඇතුළට
09:20
Video thumbnail
වරායේ කප්පම් ගන්න හැටි මෙන්න - ඇමති බිමල් පුලුවන්නම් අල්ලන්න - Dasatha Search light
17:39
Video thumbnail
ආණ්ඩුව එක්ක තරුණයින්ට මලපනි - හදිසියේ මාධ්‍ය කැඳවයි
28:40
Video thumbnail
රජයේ මාධ්‍ය හමුවේ රාජපක්ෂ හුටපටේ - ආණ්ඩුවට තමයි කෙඳිරි ගෑවෙන්නේ
16:31
Video thumbnail
මහින්දට අත තිබ්බොත් වෙන දේ බලාගන්න - අක්මීමණ හිමි ආන්දෝලනාත්මක හෙළිදරව්වක් කරයි
29:20
Video thumbnail
තාත්තා මහ පාරේ දාලා ගිය දුව මල්ලිකා - තාත්තා හඬා වැටෙයි
01:41

?