AFC Banner
AFC Banner
Empty Ad

මෙරට ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට ලංකා T10 ලීගය අදින් ඇරඹෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රථම වරට සංවිධානය කරනු ලබන ‘Lanka T10 Super League – 2024’ තරගාවලිය අද (11) පස්වරුවේ ආරම්භ වනවා.

ඒ මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදියි.

පන්දුවාර 10කට පමණක් සීමා වුණු T10 තරගාවලියක් ශ්‍රී ලංකාව තුළ දී පැවැත්වෙන්නේ පළමු වරටයි.

මෙම තරගාවලිය අද සිට දෙසැම්බර් මස 19 වැනි දා තෙක් පැවැත්වෙනවා.

තරගාවලියට කණ්ඩායම් 06ක් තරග වදිනු ඇති.

එම කණ්ඩායම් වන්නේ; ජැෆ්නා ටයිටන්ස්, හම්බන්තොට බංග්ලා ටයිගර්ස්, නුවරඑළිය කින්ග්ස්, කළම්බු ජගුවර්ස්, කැන්ඩි බෝල්ට්ස් සහ ගෝල් මාර්වල්ස්.

අද ඇරඹෙන ලංකා T10 ලීගයේ පළමු තරගය ජැෆ්නාවරුන් සහ බංග්ලා ටයිගර්ස් අතර පැවැත්වෙනු ඇති.

මෙම තරගය පස්වරු 04ට ආරම්භ වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
1
+1
5
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?