මෙරටට කුෂ් ගෙනා බ්‍රිතාන්‍ය කත තවදුරටත් රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගුවන් තොටුපොළේ රේගු ඉතිහාසයේ ගුවන් තොටුපොළක දී අත්අඩංගුවට ගත් විශාලතම කුෂ් තොගය වන කිලෝග්‍රෑම් 46යි ග්‍රෑම් 60ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික ගුවන් සේවිකාවක වන 21 හැවිරිදි චාලට් මේ ලී නම් කාන්තාව තවදුරටත් ලබන ජුලි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ෂිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකාරිණිය පැවසුවේ, මීගමුව බන්ධනාගාරය මගින් මීගමුව මහෙස්ත්‍රාත් අංක 02 අධිකරණයට ඉදිරිපත් කිරීමේ දී අතිරේක මහේස්ත්‍රාත්වරිය විසින් අද (09) නියෝග කරනු ලැබුවා.

විෂ වර්ග, අබිං සහ අන්තරාදායක ඖෂධ පනතේ අංක 54 (A) යටතේ ආනයනය කිරීම, ජාවරාම් කිරීම සහ සන්තකයේ තබා ගැනීම යන චෝදනා යටතේ වැඩිදුර වාර්තාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යාංශයේ පොලිස් සැරයන් ආර්.එම්.එස් කුමාර මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.

නඩුව කැඳවු අවස්ථාවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් සඳහන් කළේ අත්අඩංගුවට ගත් කුෂ් මත්ද්‍රව්‍ය තොගය ජුනි 11 වැනිදා රජයේ රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් එම වාර්තා ඉදිරියේ දී අධිකරණයට ඉදිරිපත් කරන බවත්ය.

එහි පරීක්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කර ඇති බැවින් එම වාර්තාව ද ඉදිරියේ දී ඉදිරිපත් කරන බව සඳහන් කෙරුණා.

එමෙන්ම සැකකාරියගේ ගුවන් ගමන් බලපත්‍රය සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇති අතර එම වාර්තාව ද මේ වන තෙක් ලබා ගැනීමට හැකියාවක් නොලැබුණු බව ද සඳහන් කළා.

දුඹුරු පැහැති ගවුමකින් සැරසි සිටි ඇයව මීගමුව බන්ධනාගාරය මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලු මහේස්ත්‍රාත්වරිය ඇයව තවදුරටත් ලබන ජුලි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා.

සැකකාරිය වෙනුවෙන් නීතිඥ සම්පත් පෙරේරා, නීතිඥ ගයාන් කලටුවාව, නීතිඥ ඒෂාන් සඳුන්ගහවත්ත, නීතිඥ මහිෂා මුදුගමුව යන නීතිඥවරු පෙනී සිටියා.

මේ වන තුරු ඇයගේ පවුලේ කිසිවෙකු මෙරටට නොපැමිණීම සහ අධිකරණයට ඥාතීන් කිසිවෙකු නොපැමිණීම ද විශේෂත්වයක්.

දකුණු ලන්ඩනයේ සිට පැමිණි 21 හැවිරිදි චාලට් මේ ලී මේ මස මුල දී රට තුළට නීති විරෝධී ලෙස ගෙන ඒමට උත්සාහ කළ බවට රේගු නිලධාරීන් චෝදනා කරමින් මත්ද්‍රව්‍ය මළු සමඟ ඉකුත් මැයි 13 වැනිදා ශ්‍රී ලංකා රේගුව මගින් අත්අඩංගුවට ගත්තා.

හිටපු ගුවන් සේවිකාවක වන ඇය සඳහන් කළේ ඇගේ ගමන් මළුවල මත්ද්‍රව්‍ය ඇති බව දැන සිටීම ප්‍රතික්ෂේප කරන බවත් ඒවා කිසිවකු එහි තැන්පත් කර ඇති බවත්ය.

මේ වන විට ඇය දින 60කට අසාන්න කාලයක් බන්ධනාගාරගතව සිටිනවා.

එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටින ජ්‍යේෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා මහතා සඳහන් කළේ ඇය වෙනුවෙන් ඇප අයැදුම්පතක් මීගමුව මහාධිකරණය වෙත ඉදිරියේ දී යොමු කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නොරොච්චෝලේ බලාගාරය කැඩිලා නැහැ..පාර්ලිමේන්තුවේ කිව්ව දේවල් බිමේ ඇත්ත නෙවෙයි
07:15
Video thumbnail
"පංචායුධයක් තියෙනකොට ඔයාට හෙ# වදින්නේ නෑ" ආනන්දගෙන් විමල්ට සැර සත්තමක්
02:11
Video thumbnail
ලංකාව ගැන ට්‍රම්ප් කට අරී - හමුදාවටත් සැර වෙයි..යුද්ධය නවත්තන්න ඉරානයෙන් හොල්මන් වෙන කොන්දේසි
06:15
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් හදීසි රැස්වීමක්..ප්‍රබලයින් සෙට් එකක් එක්කම ලොකු කතාවක්
01:17
Video thumbnail
අරුණ ජයසේකරගෙන් ජාවාරම්කරුවන්ට සැර සත්තමක්.."මේවාගෙන් ඉවත් වෙන්න..කිසිම ගැලවීමක් නෑ"
04:11
Video thumbnail
දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවල තිබූ දේ නි.ආරක්ෂක ඇමති හෙළිකරයි..600kgකට අධික ප්‍රමාණයක්
07:45
Video thumbnail
කොහොමද ආයුධ ටික දැක්කමත් පුදුමයිනේ ?පොලිස්පති, අරුණ ජයසේකර, නාවික හමුදාපතිත් ඇවිත්
02:13
Video thumbnail
දකුණු මුහුදේ ඇල්ලූ ආයුධ තොගය විවෘත කර බලන හැටි..යාත්‍රා පරීක්ෂා කිරීමට නාවික හමුදාපතිත් එයි
02:15
Video thumbnail
පිටකොටුවේ මුදලාලි කෙනෙක්ට දීලා ගෙදර යන්න..එයාලා හොඳට කරයි l Tissa Attanayake
06:49
Video thumbnail
අනුර දැන් යන්න ලෑස්ති වෙන්න - ගෝඨාට වුණ දේ අනුරටත් වෙනවා
08:26