spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු නීතිඥවරියන්ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අද (12)දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බල නොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නා.

මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ද මෙම පිරිස ඉල්ලා සිටියා.

අනෙකුත් කාන්තාවන්ට බලපාන ආකාරයටම මුස්ලිම් කාන්තාවන්ට ද නව නීති සකස් කරන ලෙස ද හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු මුස්ලිම් කාන්තා නියෝජිත පිරිස වැඩිදුරටත් ඉල්ලා සිටි බව සඳහන්.

පවතින තත්ත්වය සලකා බලා මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?