මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ඉල්ලීමක්

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු නීතිඥවරියන්ගෙන් සමන්විත මුස්ලිම් කාන්තා නියෝජිත පිරිසක් අතර හමුවක් අද (12)දින අරලියගහ මන්දිරයේදී පැවැත්වුණා.

ශ්‍රී ලංකාවේ 1908 විවාහ නීති පිළිබඳ ආඥා පනතේ කරුණු මුස්ලිම් කාන්තාවන්ට බල නොපාන බැවින් මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇතැයි මෙම නියෝජිත පිරිස පෙන්වා දුන්නා.

මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදු නොවන පරිදි මුස්ලිම් විවාහ නීතිය නැවත කෙටුම්පත් කරන ලෙස ද මෙම පිරිස ඉල්ලා සිටියා.

අනෙකුත් කාන්තාවන්ට බලපාන ආකාරයටම මුස්ලිම් කාන්තාවන්ට ද නව නීති සකස් කරන ලෙස ද හිටපු අමාත්‍ය ෆේරියල් අශ්රොෆ් ඇතුළු මුස්ලිම් කාන්තා නියෝජිත පිරිස වැඩිදුරටත් ඉල්ලා සිටි බව සඳහන්.

පවතින තත්ත්වය සලකා බලා මුස්ලිම් කාන්තාවන්ට අසාධාරණයක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බලා කටයුතු කරන බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14