මුලතිව් – මුත්තයන්කට්ටු සිදුවීමට අත්අඩංගුවට ගත් හමුදා සෙබළුන් යළිත් රිමාන්ඩ්

මුලතිව් – මුත්තයන්කට්ටු යුද හමුදා කඳවුරකට ඇතුළුවීමෙන් අනතුරුව මුත්තියන්කට්ටු වැවේ ගිලී මියගිය බව කියන තරුණයාගේ මරණය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින හමුදා සෙබළුන් සිව්දෙනා ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

අදාළ හමුදා සෙබළුන් සිව්දෙනා ඊයේ (19) මුලතිව් වැඩබලන මහෙස්ත්‍රාත් එස්.එච්. මාරූස් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.

සැකකාර සෙබළුන් සිව්දෙනා මෙහිදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කළ අතර, ඉන් දෙදෙනෙකු සාක්ෂිකරුවන් විසින් හදුනා ගැනුණු බවයි වාර්තා වුණේ.

මේ අතර සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන සිදුවන අතර, සාක්ෂිකරුවන් කිහිපදෙනකුගෙන් ප්‍රකාශ සටහන්කරගෙන ඇතැයි ද ඔඩ්ඩුසුඩාන් පොලිසිය අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

මුත්තයන්කට්ටු වැවේ ගිලී මියගොස් ඇත්තේ මුලතිව් ජීවනගර් පදිංචි එදිරාමනසිංහම් කපිල්රාජ් නැමති 32 හැවිරිදි තරුණයෙක්.

මියගිය තරුණයාගේ පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනී සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුවෙන් දෙකෙන් පංගුවක් මහණවෙලා හිටපු එවුන් - මේකේ ඉදලා ශාසනයම කාලා ගිය එවුන්..අද බනිනවා මුන්
01:39
Video thumbnail
ඉතාලි තානාපතිවරයා, ඇමති වසන්ත හමුවෙයි
01:34
Video thumbnail
බිරිඳගේ උපන්දිනයට සැමියා ගමටම දීපු එළවලු දන්සල
01:05
Video thumbnail
ගම්වලට බවුසර් මගින් පානීය ජලය බෙදාහැරේ
00:55
Video thumbnail
සර්වජන බලයේ මාධ්‍ය ලේකම් නාමල් එක්ක අත්වැල් බැඳගනී
00:25
Video thumbnail
නෑ නෑ.. ඒ මගේ කොල්ලා නෙමෙයි
00:43
Video thumbnail
SLFP 75ස් වෙනි සංවත්සරයේ අපේ ජයග්‍රහයණවලින් බිඳක් හෙළිකරනවා - මේවා මේ ආණ්ඩුවේ සැලසුම් නෙවෙයි
09:30
Video thumbnail
සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්ත පරිවර්තනයක් - ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන 1000ක්
08:04
Video thumbnail
අපි හැප්පිලා බලමු ලාල් කාන්ත - මරණ සහතිකය ලියලා තමයි යන්නේ
10:13
Video thumbnail
160වෙනි පොලිස් සැමරුම වෙනුවෙන් පැවැත්වූ පාපැදි තරඟය - එක පොකුරට කට්ටිය තරඟ නිම කළ හැටි
02:37