spot_imgspot_img

මුලතිව් ප්‍රදේශයේ පිපිරීමක් – කුඩා දරුවෙකු ඇතුළු අයෙක් රෝහලේ

මුලතිව්, මාන්කුලම, නීතිපුරම් ප්‍රදේශයේ ඊයේ (07) සිදුවූ පිපිරීමකින් දරුවෙක් ඇතුළු තවත් අයෙක් තුවාල ලබා ඇති බව මාන්කුලම පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ මොවුන් දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි.

සිද්ධියෙන් වයස අවුරුදු හයක දරුවෙක් හා 84 හැවිරිදි තවත් පුද්ගලයෙකු තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති බ්බ්වයි වාර්තා වුණේ.

වැඩිහිටි පුද්ගලයා සිය මුණුබුරා සමඟ දර කැඩීමට ගිය අවස්ථාවේ අදාළ පිපිරීම සිදුව ඇති බවයි තොරතරු අනාවරණය වී ඇත්තේ.

සතුන්ට ඇට වූ බඳින තුවක්කුවක් එලෙස පුපුරා යන්නට ඇති බවට ආරක්ෂක අංශ සැක පළකරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
1
+1
1
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?