spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුරකරුට චන්ඩි පාට් දැමූ විදුහල්පති අත්අඩංගුවට

ගල්කිස්ස ලලිත් ඇතුලත්මුදලි මහා විද්යාලයේ රාත්‍රී මුරකරුට අමානුෂික පහරදුන් බව කියන සැකකාර විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ගල්කිස්ස අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ පහක 5 ක ශරීර ඇප මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් කෝසල සේනාධීර මහතා ඊයේ නියෝග කළේය

මෙලෙස ඇප මත මුදා හැරියේ නජිත් ජයවීර නැමැත්තෙකි

පහරකෑමෙන් රෝහල් ගත වූයේ එම පාසලේ වසර තුනක පමණ කාලයක සිට රාත්‍රී මුරකරු ලෙස සේවය කරන කසුන් දුලංජන නදිර 27 තරුණයායි.හොරණ මීවනපලාන දඹර පදිංචි කේ ඒ සිරියලතා මහත්මිය සිය පුතුට විදුහල්පතිවරයා අමානුෂික පහරදී ඇති බව පවසමින් ඉකුත් 25 දින ගල්කිස්ස මූලස්ථාන පොලිසිය වෙත පැමිණිල්ලක් සිදුකර තිබිණි

පහරකෑමට ලක්වූ රාත්‍රී මුරකරු ප්‍රතිකාර ලැබූ කළුබෝවිල ශික්ෂණ රෝහලෙන්වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත මාරුකර යවා ඇත

අදාළ පහරදීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාගෙන් ඇතුළු පස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ ලබා ගත් බවත් පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත

සීසීටීවී දර්ශන සහ ඇසින් දුටු සාක්ෂි තිබේදැයි සොයා තවදුරටත් විමර්ශනය කරන බව පැමිණිල්ල මෙහෙය වූ පොලිස් නිලධාරීන් අධිකරණ හමුවේ කරුණු දැක්විය

ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරා මහතාගේ උපදෙස් මත පැමිණිල්ල මෙහෙයවනු ලැබුවේ කොස්තාපල්වරුන් වන 84091 රොෂාන් සහ 85267 සංජීව මහත්වරුන්ය

නඩුව ඔක්තෝම්බර් නව වැනි දින නැවත කැඳවීමට නියමිතය

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?