Fly high Get bonus Aviator Phone

මුදල් ඇමතිට ජනපති කියූ දේ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් දැඩි පීඩනයක් රජයට ද එල්ල වෙමින් පවතින පසුබිමක රජයේ අමාත්‍යාංශ, වාහන සංචිත නඩත්තු කිරීම් ඇතුළු සියලුම රාජ්‍ය වියදම් සීමා සහිතව පවත්වාගෙන යෑමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.

ඊයේ සවස රැස්වූ කැබිනට් මණ්ඩලයට ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම ඉහළ යාමත් සමග රට වැසියා දැඩි ලෙස පිඩාවට පත්ව ඇති පසුබිමක අනවශ්‍ය රාජ්‍ය වියදම් සිදුනොකරන ලෙසට ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට උදෙස් ලබාදී ඇත්තේ.

ලෝක වෙළෙඳපලේ ඉන්ධන මිල ඉහළ යෑම සහ ඛණිජ තෙල් සංස්ථාව දැනටමත් පාඩු ලබන බැවින් ඒ සම්බන්ධයෙන් ගත හැකි විකල්ප ක්‍රියා මාර්ග ගැන උපදෙස් ලබා දෙන ලෙස බලශක්ති අමාත්‍යවරයා විසින් ඊයේ අමාත්‍ය මණ්ඩලය වෙත දැනුම් දී සිටියා.

මේ අවස්ථාවේදී විකල්ප ක්‍රියා මාර්ගයක් ලෙස ඉන්ධන මිල ඉහළ නොදමන ලෙසයි ජනාධිපතිවරයා අමාත්‍ය උදය ගම්මන්පිල වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

රටේ මහජනතාවට ඉක්මනින් සහන සලසන ලෙසත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාම් නිසා පිඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා ක්‍රමව්දයක් සකස් කරන ලෙසත් එසේත් නැත්නම් ඉදිරියේදී ක්‍රියාවට නැංවිය හැකි නව ක්‍රමවේදයක් සකස් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙත උපදෙස් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

ජීවන වියදම ඉහළ යාම සහ අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී සාකච්ජා කරන ලෙසත් ඊට හේතුවූ කරුණු පහදන ලෙසද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් ලබා දෙනු ලැබුවා.

එමෙන්ම මේ සම්බන්ධයෙන් සියලුම මන්ත්‍රීවරුන් දැනුවත් කිරිමට පියවර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබාදුන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කටුනායක කර්මාන්තශාලාවක් නැවැත්වීමෙන් කම්කරුවන් 1200කගේ රැකියා අහිමිවේ
14:45
Video thumbnail
ම#රණය අතේ තියාගෙන විදුලි ට්‍රාන්ස්පෝමරයෙන් මහ රෑ තඹ කම්බි කපන හැටි
01:42
Video thumbnail
රැග් දෙනවනම්..ඌව අල්ලලා ගස් බැදපියව්.. සීලරතන හිමි ෆයර් වෙයි
04:17
Video thumbnail
දෑතට විලංගු වැටුණු රඹුක්වැල්ලගේ පුතා පියාගේ අඩිපාරෙම යන හැටි
01:25
Video thumbnail
දයාසිරිට නහුතෙට තදවෙයි - මුලාසනයට කියපු සැර කතාව
07:15
Video thumbnail
පාර්ලිමේන්තු සජීවී විකාශය - 🔴Live 2025.05.21
04:04:24
Video thumbnail
අනුරගේ දැන් තියෙන්නේ ගජමිතුරු දේශපාලනයක්.. දයාසිරි අනුරට රිදෙන්නම දෙයි
17:56
Video thumbnail
මෙන්න වැඩක් - ලක්ෂ 59 ක මුදල් වංචාවකට මාලිමා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට
03:45
Video thumbnail
රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට පත්වුණු හැටි මෙන්න දැන් ලැබුණු නවතම දර්ශන
01:16
Video thumbnail
අදත් නාමල් රාජපක්ෂ අධිකරණයට - එළියට එද්දී කියපු සැර කතාව
03:59

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?