spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මුජිබර්ගේ පත්වීම අනෙකුත් පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක්

කොළඹ නගරාධිපති අපේක්ෂක මුජිබර් රහුමාන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම හේතුවෙන් ඇති වී ඇති නෛතික ගැටලුව විසඳීම සදහා ගරු නීතිපතිවරයා හමු වී නීති උපදෙස් ලබාගත යුතු බවට, පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පෙන්වා දීමත් සමඟ, ඒ සඳහා වහා ක්‍රියාකරන ලෙස, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ
කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගිය දා (13) උපදෙස් ලබාදෙනු ලැබුවා.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පළාත් සභා,පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සහ ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත යන අයගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (13) පාර්ලිමේන්තුවේදී පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මෙම දැනුම්දීම සිදුකළා.

මෙහිදී රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පෙන්වා දුන්නේ, පාර්ලිමේන්තු මන්ත්‍රීධුරය දරමින් පළාත්පාලන මැතිවරණ අපේක්ෂකත්වය ලබාගැනීමට නොහැකි වුවද, අපේක්ෂත්වය ලබා ගැනීමෙන් පසු පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයේ කටයුතු කිරීමට නෛතික බාධාවක් නැති බැවින් තවදුරටත් මුජිබර් රහුමාන්ගේ නම නගරාධිපති අපේක්ෂකයෙකු වශයෙන් පවතින බවයි.

පවතින මැතිවරණ නීතිය අනුව අනෙකුත් අපේක්ෂකයන්ට ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවකට පවා සහභාගී වීමට නොහැකි තත්ත්වයක් තුළ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට මෙම අවස්ථාව හිමිවීමෙන් මේ හරහා 75,000කට ආසන්න අනෙකුත් සියලු පළාත් පාලන අපේක්ෂකයන්ට අසාධාරණයක් සිදුවන බවට ඔවුන් කරුණු ඉදිරිපත් කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ඒ, අනුව මෙය නරක පූර්වාදර්ශයක් බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?